ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් හමුවී තිබේ.
මෙම හමුව සිදුවී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ද මෙම සාකච්ඡාවට එක් වී ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වු බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා News 1st වෙත පවසා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නාමල් රාජපක්ෂ අදහස් පළ කළ බවයි.







