ශ්‍රියානි විජේසිංහ –
කොළඹ දිස්ත්‍රික්කය තුල මව්වරුන් 15000ක් දෙනා පියයුරු පිළිකාවන් සම්බන්ධයෙන් පරික්ෂාවන්ට ලක්කර ඇති අතර ඉන් 16 දෙනෙකුට පියයුරු පිලිකාව ගොදුරු වී ඇතැයි මැමෝග්රෑම් පරික්ෂණයන්ගෙන් තහවුරු විනැයි කොළඹ දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක් සඳහන් කළේය.
පියයුරු පිළිකාව සෑදීමේ අවදානම් සාධක සහිත මව්වරුන් 400 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් මව්වරුන් 16 දෙනෙකුට පිළිකාව වැලදී ඇති බව තහවුරු කර ගැනීමට හැකි විනැයි අධ්යක්ෂවරයා පැවසුවේය.
මෙම මව්වරුන් 15000ක් දෙනා සුවදිවි සායනයන් මගින් පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී අවදානම් සාධක සහිත මව්වරුන් 400 ක් දෙනා හදුනා ගැනීමට හැකි වූ බව වෛද්‍ය ගජනායක හෙළි කළේය.
පියයුරු පිළිකාවන් කලින් හදුනා ගැනීමෙන් නිට්ටාවට සුව කර ගත හැකි බැවින් මෙම මව්වරුන් වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමුවීම මේ වන විටත් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ පවසා සිටියි.







