බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලි ගැටලුවෙන් පීඩා විඳින කජුවත්ත ගම්වාසීන් !

by lankasara-editor
මැයි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වස්ගමුව සහ මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් නිතර තම ගම්මානවලට ගම් වදින වන අලි අසූවකගෙන් පමණ යුත් රංචුවක් නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත්, ගතවූ සතියක කාලය තුළ පමණක් නිවාස දහයකට වැඩි සංඛ්‍යාවක් වන අලින් විසින් හානිකර ගෙවතු භෝග වගාවන්ද විනාශ කර ඇති බව දිඹුලාගල කජුවත්ත ගම්වාසීන් සඳහන් කරති.
රාත්‍රී සහ සවස් කාලයේ මෙම වන අලි රංචු ගම් වැදීම නිසා කුඩා සීගිරිය, නාමල්ඔය, කජුවත්ත, ඇතුළු අවට ගම්මාන වල පවුල් 3000 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

08 වෙන දා අලුයම තම ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුවක් ගම්මානයේ නිවාස පහක් බිඳ එහි තිබූ වී පවා විනාශ කර ඇති බවත්, බීමට තබා ගන්නා ප්ලාස්ටික් ජල ටැංකිවල ජලය බී එම ජල ටැංකිද පොඩිකර විනාශ කර ඇති බව කජුවත්ත ගම්මානයේ, ආර්.එම්. ශාන්ත රත්නායක සඳහන් කළ අතර කුඩා සීගිරිය ගම්මානයට කඩා වැදුණු වන රංචුවක් නිවසේ, ස්වාමියා රාත්‍රියේ පැල් රැකීමට ගොස්, බිරිඳ සහ දරුවන් පමණක් සිටින අවස්ථාවකදී ගඩොල් බිත්ති පෙරළීම හේතුවෙන් පාඩම් කරමින් සිටි දරුවා බේරි ඇත්තේ අනූ නමයෙන් බවද කුඩා සීගිරිය ගම්වාසීන් ප්‍රකාශ කරති.

මාදුරුඔය හා වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලි කොරිඩෝව හරස් කර පෞද්ගලික සමාගමක් විසින් විදුලි වැටක් ඉදිකිරීම හේතුවෙන් අලිමංකඩ හරහා ගමන් කරන අලි රංචු තම ගම්මානවලට පැමිණ බව බෝග සහ නිවාස විනාශ කිරීම පිළිබඳව අවස්ථා කිහිපයකදීම වනජීවී නිලධාරින් දැනුවත් කළද ඊට මෙතෙක් විසඳුමක් නොමැති නිසා තවදුරටත් වන අලින්ගෙන් තමන්ට පීඩා විඳීමට සිදුව ඇති බවත්, රාත්‍රී කාලයේ ගම්මානයේ දූ දරුවන් සමඟ නිදිවර්ජිතව වන අලින්ට බියේ සිටීමට සිදුව ඇති බව කජුවත්ත ගම්වාසීන් පෙන්වා දෙති.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

වන අලින් ගම්මානයේ නිවාස වලට හානි සිදුකර ඇති අයුරු

ගම්මානය වටා රජය මගින් විදුලි වැටක් ඉදිකර තිබුණද එහි නඩත්තුවක් නොකෙරෙන බැවින් මේ වනවිට අලිවැට අක්‍රීය වී ඇති බවත්, වන අලින්ගෙන් ජීවිත කිහිපයක් විනාශ වීමට පෙර වස්ගමුව සහ මාදුරුඔය ජාතික වනෝද්‍යාන අතර වන අලින්ට පෞද්ගලික සමාගම මගින් ඉදිකර ඇති විදුලි වැට ඉවත් කරන්නේනම් මෙතරම් අලින්ගෙන් හානියක් නොවන බවද ගොවීන් කියති. එමෙන්ම තම ගම්මාන වලට නිතර පවතින වන අලි කරදර හේතුවෙන් තම පාසල් දරුවන්ට රාත්‍රී කාලයේ අධ්‍යාපනය කටයුතු සිදු කිරීමට සහ පාඩම් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, මෙලෙස දිගින් දිගටම වන අලි තර්ජන පැවතුණහොත් ගම්බිම් අතහැර යෑමට සිදුවන බවත් ගොවි සංවිධාන නියෝජිතයන් අනතුරු අඟවති.

තමන්ට කිසිදු ස්ථිර රැකියාවක් නොමැති අතර අහස් දියෙන් වගාකර ආහාරයට ගන්නා වී උර කිහිපයක් ලබාගන්නා බවත්, එම වී වගාවන් වලටද වන අලින්ගේ තර්ජන පවතින අතර, ගෙවතු වල වගාකරන පොල්, මඤ්ඤොක්කා, අඹ, කෙසෙල්, ඇතුළු භෝග වන අලි එක රැයකින් විනාශ කිරීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික හා ආහාර අර්බුදවලට මුහුණ දීමට සිදුවන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.

කජුවත්ත හා අවට ගම්මාන වලට පවතින වන අලි තර්ජනය සම්බන්ධව අප වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ අලි කොරිඩෝව හරහා පෞද්ගලික විදුලි වැටක් ඉදිකර තිබීමෙන් වනෝද්‍යාන දෙක අතර වන අලින්ට නිදහසේ ගමන් කිරීමට බාධා එල්ල වී ඇති බවත් එමගින් අලි තර්ජන වැඩිවීමට හේතු වී ඇති බවත්, යම් යම් ආයතන කිසිදු කළමනාකාරීත්වයකින් තොරව මහවැලි ඉඩම් පෞද්ගලික සමාගම්වලට ලබාදීම අලි මිනිස් ගැටුම් වර්ධනය වීමට හේතු වී ඇති බවත් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩයනා ගමගේට මන්ත්‍රි ධුරය අහිමියි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

Next Post

රිය අනතුරකින් මියගිය තරුණයෙකුගේ මිතුරෝ යාපනය රෝහලේ දේපළවලට හානි කරයි !

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.