ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඛනිජ තෙල් අලෙවිකරුවන් සඳහා වට්ටම් මත වැට් බද්දක් ක්‍රියාත්මක කළද අප්‍රේල් 20 දක්වා අඛණ්ඩ ඉන්ධන බෙදා හැරීම සහතික කරන බවත් ඉන් අනතුරුව මේ ගැටලුවට නිසි පිළියමක් නොලැබෙන්නේ නම් රටේ සියලුම ඉන්ධන බෙදුම්කාර සමාගම් සමග එක්ව වර්ජනයක් දක්වා දිවෙන වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක ප්‍රකාශ කළේය.
මාධ්‍ය අමතමින් ඔහු අවධාරණය කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියයට තුනක වට්ටම් මත ද සියයට 18 ක වැට් බද්දක් ඛනිජ තෙල් අලෙවිකරුවන්ට පැටවී ඇති බවය.
වැට් බදු ගෙවීමට ඔවුන්ගේ කැමැත්ත තිබියදීත්, තමන්ට හිමි මෙම වට්ටම මත නැවත වැට් බදු පැනවීම නීති විරෝධී බව ඔහු අවධාරණය කළේය. මාස තුනක් තිස්සේ සහන ලබා නොගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අදාළ බලධාරීන් සමඟ තත්ත්වය සාධාරණව සාකච්ඡා කිරීමට අඛන්ඩ උත්සාහයක නිරත වූ බව උප සභාපතිවරයා පැවසුවේය.
ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් CPC, Sinopac, IOC, සහ RM Parks (Private) Limited ඇතුළු සියලුම ඉන්ධන බෙදාහරින්නන් ඊයේ (10) උදෑසන සාකච්ඡා කළ බවත් ඔවුන් ඊයේ පටන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට යෝජනා කළත් වගකිවයුතු සංගමයක් ලෙස එම ආස්ථානය නොගත් බවත් ඔහු කීවේය.
“ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අපගේ ගැටලුවලට සවන් දීමට අපොහොසත් වුවහොත්, අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දක්වා මේ විරෝධය පෑම රැගෙන යනවා. ලාභයකින් තොරව වැට් බදු ගෙවීමෙන් රටපුරා ඉන්ධන සපයන මධ්‍යස්ථානවලින් සියයට 60ක් අනතුරේ” උප සභාපතිවරයා කීවේය. – ඩේලි මිරර්