සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

වෙරළට ආ මහ කළු තල්මසුන් මුහුදට යවන්න පානදුරට ගොඩබැස්ස අයන් මෑන්ලාගේ කතාව

අයන් මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ සෑම් චන්දුසෝම සමග ලංකාසර කළ කතාබහක්

by Lanka Sara Editor
නොවැම්බර් 5, 2020
in පරිසරය
සේයාරූ - නයනක රන්වැල්ල

සේයාරූ - නයනක රන්වැල්ල

Share on FacebookShare on Twitter
  • “විපත් අවස්ථාවලදී අපේ වාහනවලින් උදව් කිරීම මේ කණ්ඩායමේ අරමුණයි”
  • “පානදුරේ තල්මසුන් මෙහෙයුම පෙර අත් නොදුටු අත්දකීමක්”
  • “අපට පුළුවන් දේ රට වෙනුවෙන් කිරීමයි අපේ බලාපොරොත්තුව”

ඇඳිරි නීතියත් සමඟ සංසුන් වු පානදුර වෙරළ තීරය පසුගිය අඟහරුවාදා සවස් යාමේ අනපේක්ෂිත ලෙස නොසංසුන් බවට පත් විය. ඒ ජනයාගෙන් හිස් වූ පානදුර මුහුදු වෙරළ තීරයට දැවැන්ත අමුත්තන් රැසක් එකවර ගොඩ ගැසීමය. සියයකට ආසන්න මහ කළු තල්මසුන් කණ්ඩායමක් රළ පෙළ සමඟ වෙරළට සේන්දු වුවද ඔවුන්ට යළි මුහුදට යෑමේ දරන අසීරු ආයාසය කොරෝනා භීතියෙන් නිවෙස්වලට වී සිටි පානදුර වැසියන් ගේ සියලූ භීතිකාවන් පහ කළේය. ඔවුන් වහා වෙරළට ඇදුණේ මේ සතුන් කෙසේ හෝ මුහුදට දැමීමටය. මේ තල්මසුන් සමඟ හෙට්ටු වීම කෙටි වෙලාවකින් තෙහෙට්ටුවට ලක් වන කටයුත්තක් වූයේ ටොන් 1ත් 3ත්අතර බරකින් යුතු මේ සතුන් මුහුදට දැමීමට මහත් ආයාසයක් දරන්නට වූ නිසාය.

පානදුර ජනතාවගේ කර මතට හදිසියේ පැටවුණු මේ බර සැහැල්ලු කර ගන්නට ඔවුන්ට අවස්ථාවක් නොවුණේ හිතුවාට වඩා මේ ව්‍යායාමය අසීරු වීමය. කෙමෙන් ආරංචිය පැතිර යද්දී ඊට සම්බන්ධ වුණු පිරිස් විවධාකාර වූහ. පරිසරවේදීන්, ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයන් ජෛව විද්‍යාඥයන් ඇතුළු විවිධ කණ්ඩායම් මේ කටයුත්තේ දී තමන් ට කළ හැකි දේ කරන්නට පියවර ගත්හ.

පෙර නොවූ විරූ අත්දැකීමක් වූ මේ ප්‍රයත්නය යම් හෙයකින් මේ මිනිස්සුන්ගේ අවධානය යෙමු නොවී නම් ලොවම කම්පා කරවන මහා ඛේදවාචකයක් වන්නට තිබුණි. අනෙක් අතින් ශ්‍රි ලංකාව මහා අවමානයකට ලක් වන්නට ඉඩ තිබුණි. එසේ නොවුණේ මේ නමිනිස්සුන්ගේ කැප කිරීමය.

මෙතනට පැමිණි මිනිස්සුන් අතර කාගෙත් කතා බහට ලක් වූ කණ්ඩායමක් සිටියේය. ඒ අයිසර්ට් (ICERT) නම් කණ්ඩායමයක් පානදුර වෙරළේදී ඔවුන් හැඳින්වූයේ අයන් මෑන් කණ්ඩායම ලෙසිනි. මෙම මහ කළු තල්මස් රෑන මරණයෙන් මුදවාගෙන යළි මුහුදට තල්ලු කිරීමේ ක්‍රියාන්විතයේ සක්‍රියව සිටි පරිසරවේදියකු මෙන්ම ප්‍රවීන මාධ්‍යවේදියකු වන නයනක රන්වැල්ල අපට කීවේ පානදුර ප්‍රදේශවාසීන්, නාවික හමුදාව ඇතුළු කැපවීමෙන් ක්‍රියා කළ කණ්ඩායම අතර හදිසියේ මෙම ස්ථානයට පැමිණි අයන් මෑන් හදිසි ප්‍රතිචාර කණ්ඩායම විශේෂ කැපවීමකින් යුතුව ක්‍රියා කළ බවය. අපට මේ අයන් මෑන් කණ්ඩායම කවුදැයි ලංකාසර සමඟ බැඳෙන ඔබට හඳුන්වා දීමට අවැසි විය.

RelatedPosts

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඔන්ලයින් ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන මාසයේ සිට ඇරඹේ!

සරණ  හිරේ…

ඒ අනුව අපි අයන් මෑන් හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ සෑම් චන්ද්‍රසෝම මහතා සම්බන්ධ කර ගත්තෙමු.

මොකක්ද මේ අයන් මෑන් කණ්ඩායම?
ඇත්තටම අයන් මෑන් කියන්නේ ඇත්තටම අපේ ව්‍යාපාර සන්නාමයක්. එය මාර්ගවලින් පිටත ධාවනය කළ හැකි මට්ටමේ වාහන සහ එවැනි වාහන නවීකරණය කිරීමට සම්බන්ධ ආයතනයක්. මේ නිසා මා සමඟ සම්බන්ධ වෙලා සිටිනවා අපේ රටේ ෆෝ වීල් ඩ්‍රයිව් ඩබල් කැබ්, ජීප් රථ වැනි වාහනවලට කැමැති පිරිසක්. මම ඒ වගේ කණ්ඩායමක් එකතු කරගෙන හදිසි විපත් තත්ත්වලදී අපට අපේ වාහනවලින් අපට තිබෙන යන්ත්‍ර සූත්‍ර උපකරණ සහ හැකියාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් නිර්මාණය කළා. ඒ 2016 වසරේදී. අපේ කණ්ඩායමේ නම කෙටියෙන් කියනවා නම් අයි සර්ට් එයින් අදහස් වෙන්නේ අයන් මෑන් එමර්ජන්සි රෙස්පොන්ස් ටීම් (ICERT- Ironman Emergency Response Team)_ කියන එක. අපේ සමස්ත කණ්ඩායම 300ක් තරම්. හැම වෙලාවෙම අපිත් එකක් 40ක් 50ක් පමණ සාමාජිකයන් සක්‍රියව විවිධ කටයුතුවලට සම්බන්ධ වෙනවා. මෙරට සිදුවන ගං වතුර , නාය යාම් වගේ ස්වාභාවික විපත්, සිදුවන අවස්ථාවලදී ඒ ස්ථාන කරා අවශ්‍ය ආධාර උපකාර සමඟ ළඟා වීමට අවශ්‍ය වාහන සම්පාදනය කිරීම ඇතුළු හදිසි ප්‍රතිචාර කණ්ඩායමෙන් සිදු කෙරෙනවා. පසුගිය අඟහරුවාදා මහ රෑ වෙනකල් පානදුර මුහුදේ ඒ තල්මසුන් බේරා ගැනීමේ කාර්යයට අත ගැසුවේ මේ කණ්ඩායමයි.

ඔබ කොහොමද ඊට සම්බන්ධ වුණේ ?
මේ ගැන ආරංචිය එනකොට මම හිටියේ මගේ නාවල පිහිටි නිවසේ. මට අපේ කණ්ඩායමේ කෙනකුගෙන් පනිවිඩයක් ලැබුණා, වෙරළේ තල්මසුන් කණ්ඩායමක් ගොඩ ගහල ඉන්නවා කියල. නමුත් එක පාරටම අපට එතනට යන්න නොහැකි වුණේ ඒ වනවිට ක්‍රියාත්මක වුණු ඇඳිරි නීතිය තත්ත්වය නිසයි. ඉතින් අදාළ අවසර අනුමැතිය අසීරුවෙන් හෝ අරන් අපි ඒ තැනට ළඟා වුණා. නමුත් අපි කාටවත් එතනදී මොකක්ද කරන්න ඕන කියල හරි හැටි අවබෝධයක් තිබුණේ නැ. නමුත් අදාළ අත්දැකීම් ඇති අයගෙන් ගත්තු උපදෙස් මත අපි අවශ්‍ය දේ කළා.

අයන් මෑන් හදිසි ප්‍රතිචාර කණ්ඩායම මොනවද එතන කළේ?

අපිට ඉතා කෙටි කාලයකින් අපේ කණ්ඩායමේ 25ක් 30ක් විතර එක්කර ගන්න පුළුවන් වුණා. ඇත්තටම අපි එතනට එනවිටත් මූලික වශයෙන් එම ප්‍රදේශයේ ජනතාව මේ තල්මසුන් මුහුදට යවන්න ලොකු වෙහෙසක් දරමින් සිටියා. ඔවුන් වෙරළේ සිට නොගැඹුරු මුහුද සහිත පරයෙන් එහා ගැඹුරට යැවිය යුතු වුණා. ඒ සඳහා අපේ කණ්ඩායමේ අය ළඟ තිබුණු ජෙට්ස්කී අධි වේගී ජල යාත්‍රා කිහිපයක් ගෙන්වාගෙන ඒ ආධාරයෙන් සතුන් ඇදීමට කටයුතු කළා. මේ කටයුත්තට අපිට එතන සිටි අයගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ අතරේ තවත් කණ්ඩායමක් ඔවුන්ගේ වාහනවලින් අපට අවශ්‍ය අලෝකය හැකි තරම් සැපයුවා. අපි මේ කාර්යය රෑ දොළහ හමාර විතර වෙන කල් සිදු කළා. ඊට පසුව නාවික හමුදාව අවශ්‍ය යාත්‍රා සහආ‘ධාරක උපකරණ ගෙන්වා අපි මෙම කාර්යය ඔවුන්ට පවරලා තමයි එතනින් නිදහස් වුණේ.

වෙරෙළේ සිට ආලෝකය සපයන වාහන ඇණිය

මේ කාර්යය ඉතා දුෂ්කර එකක් වෙන්න ඇති?
ඔව්. ඇත්තටම මොකද මේ වගේ දෙයක් ගැන අපිට පෙර පුහුණුවක් අත්දැකීම් සහ දැනුම නැහැ. අපට මේ තල්මසුන්ට හානියක් නොවෙන පරිදි මුහුදට ඇදගෙන යන එක විශාල අභියෝගයක් වුණා. ඔවුන් වෙරළේ ඇදගෙන යද්දී ඔවන්ගේ විශාල සිරුරට හානියක් නොවෙන් සහයට ඉන්න මිනිසුන්ට හානියක් නොවෙන්න කටයුතු කරන්න වුණා. මේ කටයුත්ත කළේ මහ රෑ. රළ පහර සැර වැඩියි. තල්මසුන් ගැඹුරු දිය තෙක් රැගෙන යන්න ඕන. අනෙක ඔවුන් හුස්ම ගන්නා පුඩුවලට වතුර ගියොත් එයින් සතා මිය යන්න පඅළුවන්. මේ සතුන් අධික ලෙස වෙහෙස වෙලා හිටියේ. ඔවුන් දඟලනවා වැඩියි. මේ සියල්ලම එක්ක එතන හිටිය සියලු දෙනාට විශාල වෙහෙසක් දරන්න සිදුවුණා. අපි ජෙට්ස්කී අධිවේග යාත්‍රා කිහිපයක් මෙතැනට ගෙනාවා. සතුන්ට හානියක් නොවෙන පරිදි ඇදගෙන යන්න පුළුවන් කඹ ගෙනාවා. අපි මූලික වශයෙන් කළේ මෙම ජෙට්ස්කී යන්ත්‍ර මඟින් සතුන් ගැඹුරු දියඹට ඇදගෙන යාමයි. මේ කටයුත්ත වුණේ රළ පහර සැර වැඩි මහ රෑ. අපේ ජීප් රථවලින් අපට ආලෝකය ලබා දෙන්න හැකියාවක් ලැබුණා. සමහර සතුන් ඉතා වෙහෙසකර ප්‍රයත්නයකින් ඇදගෙන ගොස් දියඹට දැමුවත් ඔවුන් යළිත් ගොඩබිමට පැමිණෙන අවස්ථා තිබුණා. මේ නිසා එකම සතා කිහිප වතාවක් මුහුදට ගෙන යන්න සිද්ධ වුණා. ඒ අතින් බැලුවාම අපිට අමතක නොව අත්දැකීමක් මේ සමඟ ගන්න පුළුවන් වුණා. ඒත් එක්කම ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම පිළිබඳව ලොකු සතුටක් දැන් අපට තිබෙනවා.

මොනවද මේ අයන් මෑන්ල කරන වෙනත් වැඩ?
ඇත්තටම අපි මේ හදිසි ප්‍රතිචාර කණ්ඩායම සකස් කර තිබෙන්නේම මෙවැනි හදිසි අත්‍යවශ්‍ය විපත් අවස්ථාවකට යන්න. අපි පසුගිය කාලයේ අපේ රටේ අති වුණු නාය යාම්, ගංවතුර වැනි විපත්වලදී විශේෂයෙන් සාමාන්‍ය වාහනයකින් ළඟා විමට අපහසු ස්ථානවලට වෛද්‍ය ආධාර, වෛද්‍යවරුන් අදාළ සහයක කණ්ඩායම් බේත් හේත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය ප්‍රවාහනය කිරීමේ කාර්යය සිදු කළා. අපි වැඩි බරක් දෙන්නේ මේ ප්‍රවාහන අංශයට. හේතුව සංකල්පිය වශයෙන්ම අපේ කණ්ඩායම හැදිල තිබෙන්නේ සාමාන්‍ය මාර්ගවලින් පිට යන්න පුළුවන් වාහන ලෝලීන්ගෙන්. ඔවුන් සෑම දෙනාටම වගේ වාහනයක් තිබෙනවා. මේ වාහනය මෙම හදිසි ප්‍රතිචාර ඒකකය හරහා සමාජයට යහපතක් වන අර්ථවත් දේකට යෙමු කරනවා. මෙයට අමතරව අපි දිවයිනේ දුෂ්කර ඒ වගේම ස්වාභාවිත විපත්වලට මහුණ දීමේ අවදානම් සහිත ප්‍රදේශවල ඇති පාසල් තුනක යටිතල පහසුකම් වැඩි දියුණු කර තිබෙනවා. මෙයට අපේ සාමාජිකයන්ට ලැබුණු පරිත්‍යාගවලින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු වැඩ කර දී තිබෙනවා. එම පාසල්වල ජල පහසුකම්, වැසිකිළි පහසුකම් ශාලා පහසුකම් අපි දියුණු කර තිබෙනවා. පාසල් කාලයේදී මෙම පහසුකම් ළමයින් ප්‍රයෝජනයට ගන්නවා. හදිසි විපත් අවස්ථාවලදී ගම්වැසියන්ට තාවකාලික රැකවරණය ලැබෙන්නේ බොහෝ විට මෙම පාසල් තුළ . ඒ වෙලාවේදී මෙම පහසුකම් මෙම ජනතාවට ඉතා වැදගත්.
මෙම කණ්ඩායම මඟින් දුෂ්කර පුදේශවල පැළ සිටුවීම වැනි පාරිසරික සංරක්ෂණ කටයුතු පවා සිදු කර තිබෙනවා.

අයන්මෑන් කණ්ඩායම

ඔබගේ කණ්ඩායම හදිසි ප්‍රතිචාර දක්වන්නේ මේ වගේ වාහන සැපයීමෙන් පමණද?
නැහැ. අපේ කණ්ඩායම මූලික දිවි ගලවා ගැනීම් සහ ප්‍රථමාධාර සම්බන්ධයෙන් යම් පුහුණුවක් ලබා දී තිබෙනවා අවශ්‍ය අවස්ථාවල අපි අපේ පිරිස් බලයත් යොදා ගැනීමට සූදානමින් කටයුතු කරනවා.

මේ කණ්ඩායමට නිර්මාතෘත්වය දුන් ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම වෘත්තීය වශයෙන් බැලුවොත් ව්‍යාපාරිකයෙක් මගේ ප්‍රධාන ව්‍යාපාරය පිහිනුම් තටාක ඉදිකිරීම. මම ඔස්ට්‍රේලියාවේ අවුරුදු 13ක් විකර පදිංචි වෙලා හිටියේ. මට එහි ස්ථිර පුරවැසි බව පවා තිබුණා. නමුත් මම ලංකාවට ආදරෙයි. මම යළිත් වතාවක් ලංකාවට ඇවිත් මෙහෙ පදිංචි වෙන්න තීරණය කළා. මෙහෙ ඇවිත් මම වසර ගණනාවක් මෙරට පිහිනුම් තටාක ඉදිකිරීම පිළිබඳ ආයතනයක අධ්‍යක්ෂවරයෙක් වශයෙන් වැඩ කළා. ඊට පස්සේ මගේම ආයතනයක් ස්ථාපනය කළා. මම පොඩි කාලේ ඉඳන්ම මේ ජීප් රථවලට ඩබල් කැබ්වලට ආසයි. කැළේ යන්න මේ ජීප් රථවලින් අමුතු අත්දකීම් ගන්න ආසයි මේ දේවල්වලට මා යොමු කළේ මගේ බාප්පා. ඔහු වන ජීවී ලෝලියෙක්. එයාටත් ජීප් එකක් තිබුණා. මමත් ඔහු සමඟ ඒ කාල් යාළ යනවා. කඳවුරුවල ගත කරනවා. මගේ පියාත් මට පාසල් කාලය ඉවර වෙනතෙකාට ටොයොටා ඩබල් කැබ් රථයක් අරන් දුන්නා. මම ඒකෙන් ෆෝවීල් ඉසව්වලට ගියා. එක රේස් එකකට ඔස්ට්‍රේලියාවේ අයන් මෑන් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලංකාවට අවා. ඔහු අප සමඟ ක්‍රිඩා ඉසව් කිහිපයකටම සම්බන්ධ වුණා. ඔහු මට අයන් මෑන් සමාගමේ ශ්‍රි ලංකාවේ නියෝජිත ලෙස පත් කළා. මම දැන් එම ව්‍යාපාරයටත් සම්බන්ධ වී සිටිනවා. මෙම ෆෝවීල් මිතුරන් හමුවුණේ‍. ඔවුන් එක්ක මේ වගේ කණ්ඩායමක් නිර්මාණය කරන්න හැකි වුණේත් මේ අයන් මෑන් සමාගම නිසයි. ඒ නිසයි මෙය අයන් මෑන් හදිසි ප්‍රතිචාර කණ්ඩායම ලෙස මෙය නම් වෙන්නෙත්.

අයන් මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩාමේ නිර්මාතෘ සෑම් චන්ද්‍රසේන
Tags: විශේෂ
Share69Tweet43
Previous Post

දේශපාලන සිරකරුවන් ගැන හරි විස්තරයක් දෙන්න… රාඝවන් අලි සබ්‍රිට ලියුමක් යවයි…

Next Post

හින්දුන් අල්ලාගත් බෞද්ධ පුදබිම හැමෝටම තහනම් කලාපයක් වෙයි….

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.