බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් පිළිබඳ ජාතික සැලසුම හදන වැඩමුළුවට ගෙන්වූ වැඩි දෙනෙක් ඖෂධ ජාවාරම් කාරයෝ…. අභ්‍යන්තරයෙන් චෝදනාවක්!

by editor
නොවැම්බර් 27, 2023
in පුවත්
Medicine

Medicine

Share on FacebookShare on Twitter

ආසියානු  සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් යටතේ  පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා    (24,25) දෙදින තුළ ජාත්‍යන්තර සහ ජාතික උපදේශකයින් බලමුලු ගැන්වීම සඳහා   ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් පිළිබඳ තක්සේරුකරන ජාතික උපදේශන වැඩමුළුව තුළ විවිධ වෘත්තිකයින් ලෙස සිටි පුද්ගලයින් ගණනාවක් ඖෂධ සහ ‍සෞඛ්‍ය සත්කාරක සේවාවන්හි ජාවාරම්වලට ඍජුව සම්බන්ධ පුද්ගලයින් බව  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ජාතික සැලසුමක් හැදීමේ දී ක්ෂේත්‍රය තුළ කුප්‍රකට  හොරුන්ගෙන් සහ තක්කඩින්ගෙන් සමන්විත මණ්ඩලවලින් උපදෙස් ලබා ගන්නා ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව විය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.‍  සැක කටයුතු ගනුදෙනුවලට සම්බන්ධ නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව තමන්ට ඒකාධිකාරී බලයක් ඇති බව පෙන්වමින් වෘත්තීය සමිති ව්‍යාපාරවල යෙදෙන ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති  දෙකක නායකයින්  දෙදෙනෙක් එම වැඩමුළුව නියෝජනය කර ඇති බවත් ආරංචි මාර්ග කියයි.

මෙම වෘත්තීය සමිති නායකයින් අතර ඖෂධ නියාමන අධිකාරියේ සිට ඉවත් කළ චෝදනා ලද තැනැත්තෙක්ද සිටින බවත් ඔහු  නායකත්වය දරන වෘත්තිය සමිතිය හරහා යලි සිය ස්ථාන මාරුවීම අවලංගු කරගැනීමට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගද මෙහෙයවූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සහභාගී වූ කණ්ඩායමේ සිටින එක් පුද්ගලයෙක් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ සහ ජනාධිපතිවරයාව සිටි කාලයේ ඔහුට ඉතා සමීපව සිටිමින් රටේ සිදුවුන ඉමියුනොග්ලොබියුලින් වංචාවේ ආරයේ වෙනත් සොරකම් වලින් සොරුන් බේරා ගැනීම සඳහා කැපවී වැඩ කළ පුද්ගලයෙක් බව එම ආරංචි මාර්ග කියයි.

සෞඛ්‍ය සේවයේ එක් ප්‍රබල වෘත්තීය සමිතියක හිටපු නායකයෙක්ද තම පිරිවරද සමග මෙම වැඩමුළුවට එක් වී ඇති අතර ඔහුට මෙම වැඩමුළුව සඳහා සහභාගී වීමට වෘත්තීය සමිති  ලෙස හෝ වෙනත්  රාජකාරි පදනමක්  නැති   බව හෙළි වී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ස්වකීය ජාවාරම් ජාලයට වඩාත් සමීපව කටයුතු කරන පුද්ගලයින් මෙම වැඩමුළුව සඳහා තෝරා ගැනීමට උතුරුමැද ප්‍රධාන රෝහලක ප්‍රබල යැයි කියාගන්නා එක් පුද්ගලයෙක්, උතුරුමැද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයක ප්‍රධාන පෙළේ නිලධාරියෙක් සහ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ඒකකයක ප්‍රධානියෙක් දින ගණනක සිට කටයුතු කර ඇති බව ද, මෙම වැඩමුළුවට සහභාගී වීමට කිසිදු සුදුසුකමක් නැති වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙක්ද මෙම වැඩමුළුවට සහභාගී වී ඇති බවද, වැඩමුළුවට සහභාගී වන පුද්ගලයින්ගේ සංයුතිය තෝරා ඇති ආකාරය ගැන ගැටලු පවතින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන්  එම වැඩමුළුව සංවිධානය කළ ප්‍රධානියෙක්    සෞඛ්‍ය සත්කාරක සේවාවන් සම්බන්ධව පසුගිය කාලයේ විශාල චෝදනා ප්‍රමාණයකට ලක්වූ දූෂිත නිලධාරියෙක් බව වාර්තා වේ.

වැඩමුළුව සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙනුවෙන් සහභාගී වූ පුද්ගලයෙක් රටේ හිටපු ප්‍රබල සෞඛ්‍ය  අමාත්‍යවරයෙකුගේ දේශපාලන හිතවෙතෙක් ලෙස  කුප්‍රකට ගනුදෙනු ගනනාවක් පිටුපස සිටි දූෂිත නිලධාරියෙක් බව දැනගන්නට ඇත.

වෛද්‍ය සැපයුම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ තන්තුරු වලට පත්කළ හැකි ඉහළම ඖෂධවේදීන් ගණනත් ඉක්මවා පත්කරගෙන ඇති ඖෂධවේදීන් දෙදෙනෙක්ද මෙම වැඩමුළුවට එක්වී ඇති අතර ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය ජාවාරම් කරුවන්ට අවශ්‍ය පදනම සකස් කර දීම බවත්  මේ වනවිට      ඉමියුනොග්ලොබියුලින් වංචාවට සම්බන්ධ බවට චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත වී ඇත්තේද එවැනි එක් චරිතයක් බවත් වාර්තා වේ.

සෞඛ්‍ය සත්කාරක සේවාවන්හි සැපයුම් ජාලය තුළ තම සේවාවේ ඒකාධිකාරයක් ගොඩනඟාගෙන සැපයුම් සම්බන්ධව ප්‍රධාන තීරණ ගනිමින් තමන්ට රිසි සේ සැපයුම් ජාලය හසුරවන එම පිරිස රට තුළ ඖෂධ පිළිබඳ ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටිනා විවිධ ආයතනවල නියෝජිතයන් සේ හැසිරෙන බවත් මාධ්‍ය ඉදිරියේ පාරිශුද්ධ චරිත ලෙස පෙනී සිටිනා මෙම පුද්ගලයින්ගේ ඇත්ත ස්වරූපය හෙළිදරවු නොවන බවත් එම ආරංචි මාර්ග පවසයි’

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුළු ධාරිතාවෙන් විදුලිය උපදවන්නේ නැතිව බලාගාර ආශ්‍රිත ජලාශ වාන් දමයි… හේතුව වෘත්තිකයෝ ජනපතිට දන්වති!

Next Post

රට මහපාරට නොකැඳවා ඉමියුනොග්ලොබියුලින් වංචාවේ සැබෑ හොරු රැළ නීතිය ඉදිරියට ගේන්න…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.