ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙල නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අද පැවසීය.
මේ පිළිබඳ සියලු තොරතුරු තවත් දින 02කින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැනගැනීමට සලස්වන බවත් හෙතෙම අවධාරණය කළේය.
ඊයේ අන්තිම තරගයත් පැරදීමෙන් පසු ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 174 දරන ගුවන් යානයෙන් අද අළුයම 5.05ට ලංකාවට පැමිණි අවස්ථාවේ දී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර තිබිණි.
මේ අවස්ථාවේ දී මාධ්‍යයට ප්‍රකාශක් කරමින් කුසල් මෙන්ඩිස් කීවේ තරතාවලිය පරාජය වීම සම්බන්ධව ටිකක් කණගාටු බවය. හොඳින් ඉවර කරගැනීමට බැරීවීම ගැන එම දුක බවත් මෙන්ඩිස් පැවසුවේය.
“ඒ හැරෙන්න මට කියන්න වෙන ලෙකු දෙයක් නෑ ඉතින්”
“ අපි පටන් ගද්දි හොඳට පටන් ගත්තා. ටිකක් යද්දි අපිට මැච් පැරදුනාට පස්සේ අපි බැලුවේ මොකක්ද අපිට කරන්න පුුලුවන් කියන එක. ටීම් එක්ක විදිහට උපරිම දෙයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වුනේ…
කුසල් මෙන්ඩිස් එසේ පවසනවිට ඈන්ජලෝ මැතිව්ස් මේ පරාජය සිදුවූයේ කුමක් නිසාදැයි පැහැදිලි විස්තරයක් කළේය.
“අත්‍යාවශ්‍ය වෙලාවන්වල හුඟක් වැරදි වුනා අපේ අතින්. කණ්ඩායමක් විදිහට ඒ විදිහෙ වැරදි වීම තමයි පරාජය වෙන්න හේතුව. “
“පරාද වෙච්චි තරගවල දී අපි අපේ සැලසුම කළේ නෑ. පිතිකරණයෙන් පන්දු යැවීමෙන් හෝ පන්දු රැකීමෙන් ඒ හෝ ඒ තුනෙන්ම අහොඳට කළේ නෑ. ඒ නිසා තමයි අපි ගොඩාක් මැච් පැරුදුනේ. “
“ක්‍රීඩකයින්ට පීඩනය කියන එක හැම තරගයකදීම තියනවා. ලෝක කුසලානයකදි ඒක වැඩි බව ඇත්ත. නමුත් ඒක පුරුදු දෙයක්. මේ තරගාවලියේ දි හොඳින් ක්‍රීඩා කළේ නෑ කණ්ඩායමක් විදිහට. “ මැතිව්ස් කීවේය.







