පසුගිය 8 වනදා තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේ එය පැය 48ක සංකේත වර්ජනයක් බව ප්‍රකාශ කරමිනි.
මේ සංකේත විරෝධතාවයට ඇහුම්කන් නුදුනහොත් මුලු තැපෑලම වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්නේ අනෙක් රාජ්‍ය සේවකයින්ගේ ද සහයෝගය සහිත බව වෘත්තීය සමිත නිවේදනය කර තිබිණි.
සිය වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් කර තැපැල් සේවකයින් අද දින සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බවත් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධව දැනුම් දෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කර තිබිණි.
වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.







