කොළඹ – දිලංගා ගෝමස්
මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිටි අඩි 8 ක පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්රදේශවාසීන් විසින් අද(12) අලුයම සොයා ගෙන ඇත.
කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර හරහා ගමන් කර මහා මාර්ගයට පැමිණ ඇති බවට දිස් වන පා සටහන් ද දක්නට ලැබෙන බවට ප්රදේශවාසීන් පවසයි.
ප්රදේශවාසීන් විසින් කිඹුලා අල්ලා ගෙන ඇති අතර ඒ බව බෙල්ලන්විල අත්තිඩිය වන අඩවි කාර්යාලයට දැනුම් දී ඇත







