බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දක්ෂිණ අධිවේගයේ එක් මංතීරුවක් විවෘත කර දෙන්න ඊයේ රෑ ඉඳන් වැඩ…

by editor
ඔක්තෝබර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා ඉමදුව අතර 102 වැනි කිලෝමිටරයේ දි නාය යාමට ලක්වු කදුවැටිය නැවත වතාවක් නායයාමට  ඇත්තේ ඉතා අඩු අවස්ථාවක් බැව් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්  ආසිරි කරුණාවර්ධන  පවසයි.

කෙසේවුවද  යම්කිසි අවධානමක් තිබෙන නිසා එක් මංතිරුවක පස් ඉවත්කොට කදුවැටියේ නාය යාම සක්‍රිය වේද නැද්ද විමසා  බැලිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි. 

මෙම කදුවැටිය   අවස්ථා දෙකකදි නායයාමට ලක්ව ඇති බවත්  පළමුවැනි නාය යාමේ දි දකුණු මංතිරුව සම්පුර්ණයෙන් යටවි ඇති අතර දෙවැනි නාය යාමේ දි   මංතිරු හතරම සම්පුර්ණයෙන් පස්වලින්  යටවි ඇති බවත්  ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කළේය.

ඊයේ (11) රාත්‍රියේම  ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එල්.වි එස්. විරකොන් කදුගැටය නායයාමට ලක්වු ස්ථානයට පැමිණ නිරික්ෂණ කරණු ලැබිය. 

ඊයේ රාත්‍රියේම එක් මංතිරුවක් පස් ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කළ අතර මෙහිදි  තවදුරටත් අදහස් දක්වමින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙසේද කිවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ආසිරි කරුණාවර්ධන

ආසිරි කරුණාවර්ධන

අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රි 8.30ට පමණ  මිටර් 75ක් 100ක් අතර ප්‍රමාණයක් පස්වලින් වැහිලා තියෙනවා. මෙම ස්ථානය  මිටපෙරත් නායයාමේ සලකුණු ඇතිවු ප්‍රදේශයක්.  නැවත කන්ද නාය යාමේ   අවස්ථාව තියෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. ඒ නිසා  අපි තිරණය කළා මාර්ගයේ එක් මංතිරුවක් පස්ඉවත් කරලා අයින් කරන්න.

යම්කිසි අවදානමක් තිබෙන නිසා එක් මංතිරුවක් විවෘත කරලා බලනවා තවත් නාය යාම සක්‍රිය වේද නැද්ද කියලා.  අද  උදේ නැවත වතාවක් මෙම ස්ථානය නිරික්ෂණය කරලා සම්පුර්ණ වාර්තාවක් ලබාදිමට කටයුතු කරණවා.

. දැනට තිබෙන තත්වය අනුව  පස් ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්  පස් ඉවත් කිරිමේ කටයුතු  දැඩි සුපරික්ෂාකාරි තත්වයක් යටතේ සිදුකරන්න ඕන. තවමත් වතුරපාර එන මට්ටමක් තියෙනවා. දියර ස්වභාවයත් එක්ක. අද උදැසන වනවිට මාර්ගය විවෘත කිරිමට බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානයේ නායයාමක් එක්ක  මෙම ප්‍ර දේශයේ තියෙන අස්ථාවරභාවය ස්ථාවර කිරිමට ව්‍යාපෘතියක්  මාර්ග  සංවර්ධන අධ්කාරියත් එක්ක ආරම්භකිරිමට  කටයුතු කරලා මාර්ගය භාවිතා කරණ ජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරුකිරිමට කටයුතු කරණවා. නාය යාම අවස්ථා දෙකකදි සිදුවෙලා තියෙනවා. පළමුවැනි නාය යාමේ දි දකුණු මංතිරුව තමයි යටවෙලා තියෙන්නේ. දෙවැනි වතාවට ඇවිත් තමයි සම්පුරණ මංතිරු හතරම යටවෙලා  තියෙන්නේ. මිට කලින් ද මෙම කදුවැටියට එහා ප්‍ර දේශයක  බැවුමේ යම්කිසි ඉරිතැලිමක් වාර්තාවෙලා තියෙනවා. එම ඉරිතැලිමත්  එක්ක මාර්ග සංවර්ධනඅධිකාරිය අවශ්‍ය කෙටිකාලින විසදුම් අරගෙන තියෙනවා.ස්ථානිය පරික්ෂණයක් කරලා අවශ්‍ය දිර්ඝ කාලින විසදුම් ලබාදිමට අප  බලාපොරෝත්තු වෙනවා යැයිද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එල්.වි එස්. විරකොන් මහතා මෙසේ කිවේය.

එල්.වි එස්. විරකොන්

දක්ෂිණ අධිවේගි මාර්ගයේ 102 වැනි කිලෝමිටර්  කණුව අසල තමයි නායයාම සිදුවෙලා තියෙන්නේ  මිටර් 150ක් දුරට නායයාම සිදුවෙලා තියෙනවා හැකි ඉක්මනින්  මාර්ගයට වැටි ඇති පස් හා ගස් ඉවත් කරලා .මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අවස්ථාව ලබාදෙන්න කටයුතු කරණවා. දැනට  කොළඹ බලා එන අය පින්නදුවෙන් පිටවෙලා. ඉමදුව පිවිසුමෙන් නැවත අධිවේගි මාර්ගයට ඇතුල්වෙන්න පුළුවන් ගාල්ල  දෙනියාය මාර්ගයේ ගමන්කරලා නැවත ඉමදුවෙන් අධිවේගි මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. යැයිද  විරකෝව මහතා  පැවසිය. නායයාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් නිළධාරීන් පස් දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්ථා වේ. මෙයට අමතරව නායයන අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අනතුරට පතවුවත් එහි ගමන් ගත් පිරිසට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද වාර්ථා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත කපා දැමූ යාපනයේ දැරියගේ සිද්ධියට සම්බන්ධ වෛද්‍ය කාර්ය මණ්ඩලය වහාම අත් අඩංගුවට ගන්න… නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටිති!

Next Post

මුහුදේ සිට රේල් පාර හරහා ඇවිත් ලුනාව මහපාරට පැමිණි කිඹුලා…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.