ශ්‍රී ලංකා රජය චීන එක්සිම් බැංකුව සමඟ ණය ප්‍රතිකාරයක ප්‍රධාන මූලධර්ම සහ ඇඟවුම් කොන්දේසි පිළිබඳ එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම ගිවිසුම ප්‍රතිපත්තිමය වශයෙන් ඩොලර් බිලියන 4.2 ක හිඟ ණය මුදලක් ආවරණය කරයි.
එය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රධාන පියවරක් වන අතර එය කඩිනම් ආර්ථික ප්‍රකෘතියකට මග පාදනු ඇති බව ශ්‍රී ලංකා රජය පවසයි.
එකඟ වූ ඇඟවුම් කොන්දේසි ශ්‍රී ලංකාවට සිය අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය අවකාශය සලසා දෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනට අනුකූලව රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ /අරමුණට අනුකූලව අන්‍යෝන්‍ය කැපවීමක් පෙන්නුම් කරන මෙම ගිවිසුමට ප්‍රතිපත්තිමය වශයෙන් එළඹීම සඳහා චයිනා එක්සිම් බැංකුවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳ ශ්‍රී ලංකා රජය ප්‍රශංසා කර තිබේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය මගින් බැඳුම්කර හිමියන් ඇතුළු නිල ණය හිමියන්ගේ කමිටුව සහ වාණිජ ණය හිමියන් සමඟ ඔවුන්ගේ අඛණ්ඩ සබඳතාවයට ස්ථාවරයක් සපයනු ඇතැයි ශ්‍රී ලංකා බලධාරීන් බලාපොරොත්තු වේ.
ඒ පිළිබඳව භාණ්ඩාගාර ලේකම් කේ එම් මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
“අපගේ විශාලතම තනි ණය හිමියා සමඟ ණය ප්‍රතිකාර කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් මෙම සන්ධිස්ථානයට එළඹීමත් සමඟ ඊයේ ශ්‍රී ලංකාව විශාල පියවරක් සනිටුහන් කළේය.
අපේ රටේ ණය ගටලුව විසඳීම සඳහා චීනයේ එක්සිම් බැංකුව දක්වන සහයෝගයට අපි ස්තූතිවන්ත වෙමු. මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ ආර්ථිකව ප්‍රකෘතිමත් කිරීම සඳහා රටක් වශයෙන් කළ අඛණ්ඩ උත්සාහයේ ප්‍රධාන සන්ධිස්ථානයකි.
ඉදිරි සති කිහිපය තුළ, ශ්‍රී ලංකා බලධාරීන් සහ චයිනා එක්සිම් බැංකුව ණය ප්‍රතිකාරයේ එකඟ වූ පරාමිතීන් විධිමත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරනු ඇත.