2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ දුන් දැඩි දුෂ්කරතා සැලකිල්ලට ගෙන විභාගය 2024 ජනවාරි තුන්වන සතිය තෙක් කල් දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් කළ යෝජනාව සාධනීය යෝජනාවක් සේ සලකා විභාග කොමසාරිස්වරයා වෙත යොමු කර විභාග පැවැත්වෙන දිනය සම්බන්ධව ඉක්මන් නිවේදනයක් නිකුත් කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
යෝජනාව ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මෙසේ කීවාය.
“ මෙවර 2023 අවසන් පාසල් වාරය ආරම්භ කරන්න තියෙන්නෙ ඔක්තොම්බර් 30 ඉඳලා 2024 පෙබරවාරි 16 වෙනකම්.”
“2024 පළමු පාසල් වාරය ආරම්භ කරන්න ඉන්නේ 2024 බෙපරවාරි 19 දා.”
“ඒ නිසා නොවැම්බර් 22 හො 27 උසස් පෙළ ආරම්භ නොකර 2023.10.30 ඉඳලා පාසල් තෙවන වාරය 2023.12.22ට සති 8කුත්, 2024.01.01. සිට 2024.01.19ට සති තුනකුත් විදිහට අරගෙන 1 වසරේ සිට 12 වසර දක්වා දරුවන්ට පාසල් වාරය ඉවර කරන්න පුලුවන් නම්….,”
“ උසස් පෙළ විභාගය ජනවාරි 22න් ආරම්භ කළොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුලුවන්. එතකොට 2024 පළමු වාරය පෙබරවාරි 19 ආරම්භ කරන්න පුලුවන්.”
“ලබන ජනවාරි උසස් පෙළ විභාගය ලියන ළමයින්ගේ උසස් පෙළ ප්‍රතිඵල මාස 03කින් දුන්නොත් මැයි මාසේ ප්‍රතිඵළ දෙන්න පුලුවන්.”
“එහෙම දුන්නොත් ඊලඟ අවුරුද්දේ විභාගය ඔක්තොම්බර් මාසයේ තියන්න පුලුවන්.”
“එහෙම උනොත් 2025 සිට විභාග කාලසටහන යාවත්කාලීන කරගන්න පුලුවන්. “
“මේ විදිහට විභාගය ජනවාරි 22ටවත් කල් දමා ගත්තොත් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. “ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය කීවාය.
මේ අවස්ථාවේ දී නැගී සිටි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත කීවේ එම යෝජනාව ඉතාම වැදගත් යෝජනාවක් බවය.
මෙම යෝජනාව මේ අවස්ථාවේ දීම විභාගදෙපාර්තමේන්තුවට යොමු කර විභාග කොමසාරිස් ජනරාල් දැනුම්වත් කරන බවත් මේ සම්බන්ධව නිවේදනයක් විභාග කොමසාරිස්වරයා හැකි ඉක්මනින් ඉදිරිපත් කරනු ඇති බවත් ඇමතිවරයා කීවේය.