කුප්‍රකට පාතාල අපරාධකරුවෙක් වූ හරක් කටා පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහාය ඇතිව ඒ අවස්ථාවේ රාජකාරියේ යොදවා සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ (SI) ගිනි අවිය පැහැර ගැනීමට කළ උත්සාහයක් පිළිබඳව වාර්තා වේ.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය .
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක (මිදිගම චින්තක) හෙවත් ‘හරක් කටා’ ප්‍රශ්න කිරීම සඳහා සැප්තැම්බර් (10) අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබිණි.
එතැන හරක්කටාගේ සැලසුමක් ක්‍රියාත්මක කරවන පොලිස් නිලධාරියෙක් ද ඉඳ තිබේ. මෙම පොලිස් කොස්තාපල්වරයා තමා ගෙදරින් ගෙනා කිරිටොෆි බව පවසමින් එතැන සිටි පොලිස් නිලධාරීන්ට කිරි ටොෆි වගයක් බෙදා දී ඇත.
එම කිරි ටොෆි කෑ දෙදෙනෙකු මත්වී ඇති බව වාර්තා වේ.
මේ අතර. හරක්කටා ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ඉල්ලීම පරිදි වැසිකිලියට රැගෙන ගොස් තිබේ. මේ අවස්ථාවේ දී හරක්කටා වෙත දමා තිබූ මාංචු ගලවා දැමීමට මත් ටොෆි බෙදූ පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇත. නැවත අගුළු දමන්නේ නැතිව මාංචුව ලිහිල් කර තැබීමට මෙම පොලිස් කොස්තාපල්වරයා ක්‍රියාකර තිබේ.
ප්‍රශ්නකිරීම් සදහා නැවතත් ගෙනඑන ලද හරක්කටා ටික වෙලාවකින් විශේෂ කාර්ය බලකායේ උපපොලිස් පරීක්ෂකගේ ඇගට පැන ඔහුගේ ආයුධය ලබා ගැනීමට උත්සාහ කර තිබේ.
එහෙත් එම උප පොලිස් පරීක්ෂකවරයා හරක්කටා සමග පොරබදා හරක්කටාව මෙල්ල කරගැනීමට සමත්ව ඇත.
කෙසේ නමුත් මේ වන තෙක් හරක්කටාට පැනයාමට උදව් කිරිමට උත්සාහ කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා ඒ වනවිට අතුරුදන්ව ඇති බව පෙනි ගොස් තිබේ.
එම පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට ආගිය අතක් නැති බව ද දැනගන්නට ඇත.
ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
විදේශ ගතව සිටි මෙරටට රැගෙන ආ නදුන් චින්තක නොහොත් හරක් කටා එදා පටන් ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග මත රඳවා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.







