භාෂිකා හීන්දෙණිය –
හේමකුමාර නානායක්කාර මෙතෙක් නායකත්වය දැරූ මව්බිම ජනතා පක්ෂයේ නායකත්වයට ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර පත්වීමත් සමග එම පක්ෂය සමග සන්ධානගතවීමේ සැලසුම් දේශපාලන පක්ෂවලින් මතුවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂයේ මෙතෙක් නායකත්වය දැරූ පළපුරුදු දේශපාලකයෙක් වූ හේමකුමාර නානායක්කාර ජ්‍යේෂ්ඨ නායකයා ලෙස අක්‍රීය උපදේශක මට්ටමකට ගොස් නායකත්වය දිලිත් ජයවීර වෙත ලබා දී ඇත.
ඔහුට සමීප තොරතුරු අනුව ඊලඟ ජනාධිපතිවරණයක ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කීරීමේ අභිලාෂයක් දිලිත් ජයවීර සතුව ඇතැයි පැවසේ .
කෙසේ වෙතත් ඒ වෙනුවෙන් විධිමත් සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බැවින් සන්ධානගතවීමේ දී මූලික අභිලාෂයන් සමාලෝචනය වනු ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රටේ ප්‍රධාන මධ්‍ය ජාලයක හිමිකරුවෙක් මෙන්ම සාර්ථකම වෙළෙඳ දැන්වීම් ආයතනය හිමිකරුවෙක් වූ දිලිත් ජයවීර විවිධ මත නිර්මාණය කිරීම විෂයෙහි ප්‍රමුඛයෙක් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිරීම සඳහා දියත් කළ ප්‍රචාරක ව්‍යාපෘතිය තුළ කැලණි ගඟෙන් නාගලෝකයේ සිට නාගයන් මතුවීම, කොවිඩ් ආසාදනය පැතිරී යද්දී ධම්මික පැණිය සම්බන්ධ ලබා දුන් ප්‍රචාරණය වැනි මෑත කාලීන අත්දැකීම් සනාථ කර ඇති බැවින් ඔහු පසෙකින් තබාගතහැකි සේ ඔහු සමග සන්ධානගතවීම දේශපාලන වශයෙන් අර්ථවත් වනු ඇතැයි රටේ ප්‍රබල දේශපාලකයින්ගේ ද අදහස වී ඇතැයි පැවසේ.
කෙසේ වෙත්ත මින් පෙර ජනාධිපති අපේක්ෂකයෙක් වීම, මුදල් ඇමතිවරයා වීම වැනි අපේක්ෂාවන් සහිතව මෙවැනි දේශපාලන ප්‍රවේශයක් ගත් මේ රටේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයා වූ ධම්මික පෙරේරා සිය අභිලාෂයන් වෙත නොපැමිණ දේශපානයෙන් විසිවී ගියේය.