කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම ජයගත් අවස්ථාවේ ඒහි ඉදිරිපෙළ ක්‍රීඩිකා වූ ජෙනී හර්ම්සෝ (Jenni Hermoso) සිප ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පසුබිමක ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රුබිල්ස් (Luis Rubiales) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒසේම ඔහු යුරෝපීය පාපන්දු සංගම් සංගමයේ උප සභාපති ධුරයෙන්ද ඉල්ලා අස් වී තිබේ.
ලුවිස් රුබිල්ස් මෙම ඉල්ලා අස්වීඹ ට්විටර් සටහනක් තබා ඇත.
ජෙනී හර්මොසෝ ක්‍රීඩිකාව මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ද ගොනුකර ඇත.
ඒ අනුව පසුව ලුවිස් රුබිල්ස්ට එරෙහිව මෙම සිදුවීම සම්බන්ධයෙන් ලිංගික අතවර සහ බලහත්කාරකම් සම්බන්ධයෙන් චෝදනා ඇතුළත් පැමිණිල්ලක් ගොනුකර ඇත.