පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි-
එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා පෙම්වතාගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවූ පෙම්වතිය මියගිය බව නිට්ටඹුව පොලිසිය පවසයි.
මෙසේ මිය ගියේ කෘෂි විද්‍යාව උපාධිධාරිණියක වූ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි.
පෙම්වතියට පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණ උපාධිධාරියෙකි. මෙම දෙදෙනාම එකම සරසවියක අධ්‍යාපනය ලබා උපාධි රැගෙන මීට වසර දෙක හමාරකට පෙර පිටවු විද්‍යාර්ථයින්ය. ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ සරසවිය තුළ දීය.
පුරා වසර හතරකට අධික කාලයක් සම්බන්ධතාවය පවත්වාගෙන ගිය සිය පෙම්වතිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි ඇතිවූ සැකයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
කෘෂිකර්ම උපාධිධාරිනියක වු මෙම තරුණිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කුකුළු ගොවිපලක රැකියාව කර තිබේ.
මේ වනවිට සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ලංකාදීප –