හැටන් රංජිත් රාජපක්ෂ –
තම ගෙවත්තේ වගා කර තිබු එලවළු වගාව ආරක්ෂා කර ගැනිම සදහා ඇද තිබු විදුලි රැහැනක ගැටී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා 2023 ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නාමයෝජනා ලබා දී සිටි ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක හා ජනතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජික මයිකල් ඇකියුලස් ද සිල්වා (62) ඊයේ (02) මිය ගොස් තිබේ.
නුවරඑලිය ශාන්තිපුර පදිංචිව සිටි මයිකල් ඇකියුලස් සිය එලවළු වගාවට වන සතුන්ගෙන් සිදු වන හානි අඩු කර ගැනීම සඳහා ඔහු විසින්ම නිවසින් විදුලි බලය ලබාගෙන කම්බි රැහැන් ඇද සවි කළ විදුලි වැටෙහි දැවටී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මරණය සම්බන්ධයෙන් මුලික විමර්ෂණ සිදු කළ නුවරඑලිය පොලිසිය පවසයි.
මෙම විදුලි රැහැන නිවසේ ප්‍රධාන විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක අධාරයෙන් කම්බි වෙත සෘජුවම විදුලිය සම්බන්ධ කෙරුණු විදුලි රැහැනක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ මයිකල් ඇකියුලස්ගේ වගා භූමියේ සේවය කරන සුගත් නැමැත්තෙක් කියා සිටියේ (02) දිනඋදෑසන සිට ඔහුගේ නිවසේ දොර ඇරී තිබියදී ඔහුගේ දුරකථනය නාද වන නමුත් පිළිතුරු නොදක්වන හෙයින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ සහයෝගයත් වගා භූමිය තුළ සොයා බැලී බවය. ඊයේ (02) දින රාත්‍රි 7.00 ට පමණ ඔහු වගා භූමියේ බිම ඇද වැටී සිටියදි සොයාගත් බව එම පුද්ගලයා පැවසුවේය.
මේ පිළිබඳව නුවරඑළිය පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිද්ධිය ස්ථානයට පැමිණ විදුලි සැර වැදුන අදාල විදුලි රැහැන් විසන්ධි කර ඇත.
මයිකල් ඇකියුලස් ට විදුලි සැර වැදි ඇත්තේ ඊයේ (02) උදෑසන වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.
ඔහු විදුලිසැර වැදී මියගොස් සිටියේ ඔහුගේ දෑතේ තම ගෙවත්තෙන් නෙලා ගත් ස්ට්‍රෝබෙරි කිහිපයක්ද සමගිනි.
මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නුවරඑළිය දිසා අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත විසින් පැවැත්වු අතර, එහිදි මහෙස්ත්‍රාත්වරයා නුවරඑලිය පොලිසිය නියෝග කර සිටියේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
සිද්ධිය පිළිබඳව පවුලේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසුමකට අනුව ඔහුන් කියා සිටියේ මයිකල් ඇකුයුලස් විදුහල්පති ශ්‍රේණියේ ගුරුවරයෙකු වන අතර, දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමේ අභිලාෂයෙන් ගුරු වෘත්තියට සමුදි දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළ බවය.
ඔහුගේ බිරියගෙන් දීර්ඝ කාලයකට ප්‍රථම දික්කසාද වී තම එකම පුතු සමග ශාන්තිපුර සිය නිවසෙ ජීවත් වූ බවත් , සක්‍රීයව දේශපාලන කටයුතු සිදු කළ බවත් ඔහුගේ පුතු විදේශ ගතවීමෙන් පසුව මේ වන සිය නිවසේ තනිවම ජීවත් වෙමින් සිටි බවත්ය.
ඔහු දේශපාලන භේදයකින් තොරව තමන් පදිංචි ගම වන ශාන්තිපුර ප්‍රදේශයට හා අනෙකුත් අවට ප්‍රදේශ ගනනාවකටම තමන් මන්ත්‍රීධූරය හොබවන කාලයේදී ඉතාම අවංක ලෙස කටයුතු කර විශාල සේවයක් කළ හයපත් පුද්ගලයෙක් බව ප්‍රදේශවාසීහු පැවසූහ.
දේහය පිළිබඳ අවසන් කටයුතු (05) අඟහරුවාදා දින ශාන්තිපුර කලාපුර පොදු සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ඥාතීහු සඳහන් කරති.