පුත්තලම කලපුවේ, ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි Bryde’s whale වර්ගයේ අඩි 30 ක් පමණ දිගින් යුත් තල්මසෙකු නැවත උච්චමුනි මෝය හරහා සාගරයට මුදා හැරීමට පුත්තලම සහකාර අධ්යක්ෂ බල ප්‍රදේශයේ වනජිවි නිලධාරින් නාරා ආයතනයේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීහු අද (08) සමත් වූහ.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් අද උදෑසන පුත්තලම කලපුවේ මුර සංචාරයේ යෙදී සිටියදී, එම කලපුවේ, ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි තල්මසෙකු නිරීක්ෂණය කර ඇත.
අනතුරුව, නාවික හමුදාව වහාම මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර එම තල්මසා ගැඹුරු මුහුදට යොමු කිරීම සඳහා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් විශේෂ කණ්ඩායමක් යෙදවීමට කටයුතු කර තිබේ.
ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් කණ්ඩායම විසින් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නාරා ආයතනයේද සහයෝගය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා එම තල්මසා මෙලෙස නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත යොමු කිරීමට කටයුතු කර තිබිණි.
මේ දැක්වෙන්නේ එම අවස්ථාවය.