බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායන කුඩේ හිල් දුටුව රට සිට පැමිණි ඇත්තියකගේ අත්දැකීම…

by editor
ඔක්තෝබර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රට භීතියෙනි.  මිනුවන්ගොඩ කොවිඩ් පොකුර කොහෙන් කොහොම පටන් ගත්තේදැයි තවම නිශ්චිත වශයෙන් හඳුනා ගෙන නැත.  ජනාධිති ගොඨාභය රාජපක්ෂත් කියන්නේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මූලාශ්‍රය සෙවීමටත් ඒ ගැන දැන ගැනීමටත් තමන්ද පෞද්ගලිකව උනන්දුවන බවය.

මේ අතරේ විපක්ෂය ආණ්ඩුවට පැවසුවේ නිසි නිරෝධායන පිළිවෙත්වලට පිටින් මේ රටට කවුරුන් හෝ ඇතුළු වී නම් හෝ සැක සහිත ලෙස මෙරටට පැමිණි අය නිසි ලෙස නිරෝධායනය නොවූයේ නම් ඒ  බව  පාර්ලිමේන්තුවට පැහැදිළි කරන ලෙසය.

සමාජය තුළින් වෛරසය හමුනොවුන වටපිටාවක එය පැමිණිය යුත්තේ විදේශයකින්ය යන උපකල්පනයට දැන් විශේෂඥයන් තුළ තිබේ.  කොතැනක හෝ ප්‍රශ්නයක් පවතින බවත් විදේශවල සිට රටට ඇතුළුවන පිරිස් ඇතුළු සමස්ථය සම්බන්ධව ක්‍රියාත්මක වූ   ජාතික නිරෝධායන පිළිවෙත යළි සමාලෝචනය විය යුතු බවත් මේ ආපදාව අපට තහවුරු කරයි.  ඒ ගැන මුල්ම ඉඟිය ලැබුණේ   මිනුවන්ගොඩින් කොවිඩ් මතුවන්නට පෙරය.

මාතර රුසියානුවා

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

විදේශගත වූ පුද්ගලයන් මෙරටට ගෙන්වීමේ   ක්‍රියාවලිය තුළ නිසි නිරෝධායන පිළිවෙත් සපුරන්නට අදාල බලධාරීන්ට නොහැකි වූ බවට මේ වනවිට සාක්ෂි සාධක රැසක් හමුවී ඇත. එයින් බරපතලම සිදුවීමක් වන්නේ පසුගියදා මාතර පොල්හේනේ හෝටලයක නැවතී සිටි රුසියානු ජාතිකයන් පිරිසක් අතුරින් එක් පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු බට හඳුනා ගැනීමය.

පසුව ඔහු එවැනි ආසාදිතයකු නොවන බව රජය කීවේය.  එම ප්‍රකාශය සමග සෞඛ්‍ය අංශ අසරණ වනු පෙනුණි.   එහිදී හෙළිදරව් වූ ප්‍රබලතම කරුණක් වූයේ මෙම කණ්ඩායම නිසි ලෙස නිරෝධායනය වී  මෙරට තුළට නොපැමිණි බවය. ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරු සම්බන්ධීකරණයක් ඒ මොහොතේ තිබුණේ නැත. මෙම සිදුවීම යම් බලවත් පාර්ශවයක් විසින් යටපත් කිරීමට කටයතු කළේ විලි ලජ්ජා නැති අයුරිනි.

 නිරෝධායන අත්දැකීම

පසුගියදා ඩුබායි රාජ්‍යයේ සිට පැමිණ මඩකලපුවේ ෂාරියා විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වුණු කාන්තාවක් ඊයේ අප ඇමතුවාය.   මෙම නිරෝධායන පිළිවෙත් සම්බන්ධයෙන්  ඇතැම් පුරවැසියන් මෙන්ම නිලධාරීන්ද වගකීමකින් තොරව කටයුතු කළ ආකාරය ගැන ඇය ලද අත්දැකීම් මෙසේ හෙළිදරව් කළාය.

“ මම මීට මාස එක හමාරකට විතර කලින් ඩුබායි සිට පැමිණියේ රජය විසින් සම්පාදනය කරන විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා  ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ…  මා පැමිණි ගුවන් යානයේ හාරසිය ගණනක් ශ්‍රි ලාංකිකයන් පැමිණියා. ඔවුන් අතර ගැබිනි මව්වරුන්, දරු පවුල්ද සිටියා.

ගුවන් තොටුපෙළේ කෙරුණු පීසීආර් පරීක්ෂණයේදී කිසිදු ආසාදිත අයකු සිටියේ නැහැ. අපි ඔක්කොම බස් රථ ගණනාවක නංවාගෙන නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගියා. යුධ හමුදාව මේ කටයුතු  හොඳින් සූදානම් කර තිබූ බව පෙනුණා. අපට පෙර ගමන් රථ ඇම්බියුලන්ස් සමඟ  යොදචා තිබුණා. අපට කටුනායක ඉඳන් පැය 09ක් ගමන් කරන්න වුණා. ගියාම තමයි දැනගත්තේ අපි ගෙනයන්නේ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයට කියල.

නිරෝධායනට යන ගමන් බීමතින් කෙළිය පිස්සුව…

මම පළමුවෙන්ම නැංග බස් රථයේ නම් සියලු දෙනා හොඳ පිලිවෙළකට ගියා. එහෙත් ඒ  බස් එක මගදී යාන්ත්‍රික දෝෂයක් ආවා. ඊට පස්සේ අපව වෙනත් බස් රථයකට දැම්මා. මේ  බස් එකේ හිටිය අපේ ශ්‍රි ලාංකිකයන් හොඳටම බීමත් වෙලා හිටියේ. ඔවුන් වෙරි මතේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් නැතිව ගමන් කළා. මෙහෙම යද්දී බස් අතරමග වරින් වර නතර කරනවා. ඒ වෙලාවට මේ අය තමන්ගේ ශාරීරික අවශ්‍යතා ඉටු කර ගන්න බස් එකෙන් බහිනවා. අහල පහළ කඩවලට යනවා. අඩුම තරමේ මාස්ක් එකවත් නිසි ලෙස පළඳන්නේ නැහැ. ඒක  තියෙන්නේ මුවට නෙවෙයි බෙල්ලේ. එහෙම නැතිනම් නිකටේ.

මම ගිය බස් රථයේ හිටියේ සිවිල් රියදුරෙක්. බස් රථය නවත්වද්දී ඔහුත් බහිනවා. මේ විදේශ ගතව සිට පැමිණි  බීමත් පිරිස මේ රියදුරාට සිගරට් දෙනවා. ඔහු වැලඳ ගන්නවා. ආශ්‍රය කරනවා ඔහු ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇඳගෙන සිටියත් මුහුණේ මුව ආවරණයක් නෑ. මට ඒ වෙලාවේ හිතුණා මේ වගේ රියදුරෙක් යම් විදිහයකට ආසාදනය වෙලා සමාජයට ගියොත් ඇති වෙන ප්‍රශ්නේ කොතරම් බරපතලද කියල. මොකද  ඇත්තටම අපිත් එක්ක ආපු කණ්ඩායමේ කිහිප දෙනකුම  දින ගණනාවකට පසුව මඩකලපුවේ නිරෝධායන කඳවුරේදී කළ   පීසී ආර් පරීක්ෂණයේදී පොසිටිව්  වුණා. ඒ වෙලාවේ මට අර රියදුරු මහත්මයා සිහි වුණා. මොහු යම් හෙයකින් ආසාදිතයන් ඇසුරු කළා නම් කියල.

හැඳුනුම්කමට සැලකිලි

ඇය පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේදි ඇයට දින 14කත් නොව දින 28ක් ගත කිරීමට සිදුවූ බවය. එයට හේතු වී ඇත්තේ ඇයගේ ආශ්‍රිතයකු කඳවුරේදී ආසාදිතයකු බට  පත්වීමය. මෙසේ ආසාදිතයන් බවට පත් වන අය සෙසු පුද්ගලයන් ගේ ආශ්‍රිතයන් බවට ලක්වුවහොත් සිදුවන්නේ තවත් දින 14ක් කඳවුරේම ගත කරන්නට වීමය.

“ කනගාටුවෙන් වුණත් කියන්න ඕන එතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැමෝටම  බෙදෙන්නේ එක හැන්ඳෙන් නෙවෙයි.   ඉහළ සම්බන්ධකම් තියන අයට වෙනම තැනක්. සෙසු අයට වෙන ආකාරයකට සැලකෙන්නේ. ඔවුන්ට වෙන් වූ වැසිකිලි පහසුකම් ආදිය ලැබෙනවා. මේ ගැන ප්‍රශ්න කළාම කිව්වේ එතන ඉන්නෙ පවුල් සහ ගැබිනි මව්වරුන් කියල. නමුත් අපි අතරෙත් එවැනි පවුල් සහ ගැබිනි මව්වරුන් සිටියා.

අනෙක් කරුණ එතන නිරෝධායනය  වෙන සමහර පුද්ගලයන් නිසි සැලකිල්ලකින් එය කරන්නේ නෑ. අනෙක් අයගේ කාමරවලට යනවා එනවා. ආශ්‍රය කරනවා. මුව ආවරණ නැතිව කතා බහ කරනවා. පොදු වැසිකිලි භාවිතය නිසාත් මම හිතන්නේ ආසාදිතයන් ගෙන් නිරෝධායනය  වන නිරෝගී අයට කොවිඩ් වැළඳෙනවා. මේ වගේ හේතු නිසා තමයි අපට දින 14ක් වෙනුවට දින 28ක් කඳවුරේ ගත කරන්න වුණේ. එය රජයට වුණත් අතිරේක බරක්.

මේ නිරෝධායන මධ්‍යස්ථාන කළමනාකරණය කිරීමේදී ඒවාට පුද්ගලයන් රැගෙන යාමේදී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. අර මම මුලින් කීව ඉහළ සම්බන්ධතා තියෙන අයට නිසි ලෙස නිරොධායනය වීමේ පහසුකම් සැලසෙනවා. ඒ නිසා ඔවුන්ගේ වාසනාවට ඔවුන්ට දින හතෙන් කළ පීසීආර් පරීක්ෂණයෙන් ඔවුන් අතර කිසිදු පුද්ගලයකු ආසාදියන් නොවන බවට තහවුරු වුණා. මේ නිසා ඔවුන්ට දින 14න් නොව 10න් ගෙදර යන්න පුළුවන් වුණා. අපට තිබුණු ප්‍රශ්නේ අපිත් එක්ක ඉඳල ආසාදිත වුණ අය රෝහල් ගෙත වෙලත් අපට කලින් ගෙවල්වලට ගියා. අපිට  කඳවුරේ ඉන්න සිදුවුණා. “

ලෝකයම වෙලා ගත් වසංගතයක් හමුවේ අප කාටත් විවධ ස්වරූපයේ ප්‍රශ්නවලට සහ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවීම වැළැක්විය නොහැකිය. එහෙත් රටක් ලෙස මහත් වගකීමකින් මෙම  වසංගතය පාලනය කිරීමේ කටයුතු එහි මුල් අදියරේදී සිදුවීමෙන් අපට රෝගය සෑහෙන දුරට මෙල්ල කළ හැකි විය. අප ලෝකයට කීවේ නිරෝධායන මධ්‍යස්ථාන සංකල්පය අපේ රට මගින් ලෝකයට හඳුන්වා දෙන විශිෂ්ඨ සෞඛ්‍යාරක්ෂිත සංකල්පයක් බවය.

කොවිඩ් දෙවන ප්‍රහාරය රට හාන්සි කිරීමට සැරසෙන මොහොතේ අපට පෙනෙන්නේ ඒ කිර්තිමත් සංකල්පයේ අප නුදුටු හිල් ය. ලෝකය සමග සම්බන්ධ වෙමින් ජීවත් වීම පිළිබඳව රටට දැන්  ඇති එකම විකල්පය ශක්තිමත් නිරෝධායන පිළිවෙතක් පමණය.  අප  මේ වසංගතය සමඟ තවදුරටත් “සාමයෙන් සහජීවනයෙන්  ජීවත්විය යුතුව ඇත. ජාතියේ නාමයෙන් මේ නිරෝධායන ක්‍රියාවලියේ සිදුරු වැසිය යුත්තේ එබැවිනි.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පී.එච්.අයි යටතේ නිරෝධායනය වී නැහැ…

Next Post

රිජ්වේ ආර්යා රෝහලේ සුළු සේවකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි….

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.