බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝගයක් ඉටු කළ පොලිස් විශේෂ විමර්ශන ලොක්කාට SDIG දේශබන්දුගෙන් තර්ජනයක් !

 Fort Magistrate calls for an analytical report on the telephone conversation

by editor
ජනවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අතහැර පළා යාමෙන් පසුව කොටුව ජනාධිපති මන්දිරයෙන් හමුවූ කෝටියකට අධික මුදල් සම්බන්ධ අධිකරණ කටයුත්තේ දී බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාල තර්ජනය සම්බන්ධයෙන් දුරකථන වාර්තා විශ්ලේෂණයක් ලබා ගන්නා ලෙස නියෝග කළ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එම වාර්තා ලැබුණු පසු ඊට අදාළ පියවර ගන්නා බවට දැනුම් දුන්නේය.

ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් වටළන ලද අවස්තාවේදී හමුවු මෙම මුදල් කොටුව පොලිසියේ පොලිස ස්ථානාධිපතිවරයාට භාර දීමෙන් පසුව ඒවා අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයෙකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් කළ බව කියන බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙසේ තර්ජනය කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

තමා ඒ සම්බන්ධයෙන් සටහන් යොදා ඇති අතර පොලිස්පතිවරයාවද දැනුම්වත් කළ බවත්, දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේ දී තමාගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පටලවාවිදැයි හෝ තමාගේ හෝ පවුලේ උදවියගේ ජීවිතයට යම් අනතුරක් කරතියි බියෙන් පසුවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙහිදි තවදුරටත් සඳහන් කළේය.

ඉදිරියේ දී මේ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ද තමන් බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණයට දැනුම් දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම දැනුම් දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ අධිකරණ නියෝගයකට අනුව ඉදිරිපත් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහට තර්ජනය කිරීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ද අපහසා කර ඇති බවය.

මෙහිදී නීතීඥවරුන් විසින් පෙන්වා දෙන ලද්දේ ඔහු සිදු කර ඇත්තේ සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ වරදක් බවය.

ඒ සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ප්‍රකාශ කළේය.

2022 වසරේ පසුගිය ජූලි 09 වැනිදා පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න මුදලක් එය හමුවූ තරුණයන් පිරිස විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බාර දී තිබිණි.
එලෙස බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ටිරාන් අලස් අමාත්‍යවරයාට ලබා දෙන ලෙසට තමාට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර අධිකරණයට ප්‍රකාශ තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උග්‍ර ඖෂධ හිඟයට පිළියම් ඉල්ලා වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයකට සූදානම්!

Next Post

රෙජිනෝල්ඩ් මියගියේ ගෙවිඳු කුමාරතුංග ඇතුළු 4ක් මහ බැණුම් බනින විට ඇති වූ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් –

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.