ඇපල් සමාගම සිය නිෂ්පාදන කටයුතු චීනයෙන් ඉවත් කොට ඉන්දියාව තුල පිහිටුවීමට තීරණය කිරීමත් සමඟ ඇපල් සමාගමේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයනු ලබන සමාගම්ද ඉන්දියාව තුල සිය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඉන්දියාවේ ක්‍රියාත්මක යමුනා අධිවේගී මාර්ගය පදක කරගත් කාර්මික සංවර්ධන අධිකාරිය සඳහන් කරනු ලැබුවේ තම අධිකාරිය යටතේ සංවර්ධනය වන ඉඩම් ඇපල් නිෂ්පාදන වල අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් විසින් ඉල්ලුම් කර ඇති බවයි.
එම අධිකාරිය පවසන අන්දමට එම ආයෝජනයන් හී වටිනාකම් ඉන්දීය රුපියල් කොටි දෙදහස් අටසියයකට අධිකය. මෙම ආයෝජන මගින් ඉන්දියාව තුල නව රැකියා දහස් ගණනක් උත්පාදනය කරනු ලබන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
.
මේ අතර යමුනා අධිවේගී මාර්ගය පදක කරගත් කාර්මික සංවර්ධන අධිකාරියයේ ප්‍රධාන විධායක නිලධාරී අරුන් වීර් සිං ප්‍රකාශ කර ඇත්තතේ ඇතැම් ආයෝජනයන් සඳහා සියයට දහයක තැන්පතු මුදලක්ද අදාල සමාගම් විසින් තැන්පත් කර ඇති බවයි.
මෙහිදී ඇපල් නිෂ්පදන වල කැමරා සැපයීම කරනු ලබන සැපයුම්කරුවෙකුද අක්කර 23 ක පමණ භූමි භාගයක සිය නිෂ්පාදනාගාරයක් පිහිටුවීමට යෝජනා කර ඇති බවට අනාවරණයවේ.
චීනය විසින් එරට පැවති දැඩි කොරොන් මාර්ධන නීති රීති හේතුවෙන් ඇපල් සමාගම ඇතුලු සමාගම් රැසකට සිය නිෂ්පාදන නිසි කාලයට වෙළෙදපොලට නිකුත් කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් එම සමාගම් වලට විශාල පාඩුවක් අත්විදීමටද සිදුවිය.
පසුව මීට පිලියමක් ලෙස ඇපල් සමාගම විසින් සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුල සිදුකිරීමට පියවරගෙන තිබූ අතර ඒවන විටත ඉන්දියාව තුල ක්‍රියාත්මක වූ ඇපල් කාර්මාන්තශාලා වල ප්‍රමාණයද මීට සාපෙක්ෂාව වර්ධනය විය.
ඒ අනුව මේවන විට වාර්තාවන අන්දමට ඇපල් සමාගම සිය නිෂ්පාදන කටයුතු වලින් සැලකියුකු ප්‍රමාණයක් ඉන්දියාව තුල සිදුකිරීමට තීරණය කර ඇත.







