ශ්‍රියානි විජේසිංහ –
දේශීය ආදායම්බදු පනතට එකතු කරන බදු සංශෝධනයන් තුළ වෘත්තිකයන් ලෙස බදු ගෙවීමට එකග බවත් එසේ එකතු කරන බදු සාධාරණ විය යුතු බවත් සමස්ත වෘත්තිකයන් සදහන් කරන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
මේ වන විට රජය වෘත්තිකයන්ගෙන් අයකිරීමට යෝජිත බදු ඔවුන් වසරක් වැඩකර උපයා ගන්නා මුදලින් මාස දෙකක ආදායම බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
මෙම බදු ප්‍රතිපත්තිය මගින් රජයට එකතු කර ගත හැකි වන්නේ වසරකට රුපියල් බිලියන 10ක මුදලක් වුවද මහා පරිමාණ බදු වංචාවන්ගෙන් රජයට රුපියල් බිලියන 700ක පමණ මුදලක් අහිමි වී ඇති බව වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ..
පාර්ලිමේන්තුවේ ආරථික ස්ථායිකරණ කමිටුව හරහා හෙලිදරව්වුන කරුණක් වන්නේ අපනයන ආදායමෙන් රටට හිමිවන්නේ සියයට 20ක ප්‍රමාණයක් බවත් ඉතිරි සියයට 80ම විදේශවල නරත වී ඇති නමුත් මෙම නිවැරදි කිරීමට රජය ගෙන තිබෙන වැඩපිළිවෙල කුමක්ද යන්න පිලිබද වෘත්තිකයන් ප්‍රශ්න කරන බවත් ඔහු සදහන් කරයි.
තවද පාර්ලිමේන්තුවේ ආර්ථික ස්ථායිකරන කමිටුව හරහා හෙලිව ඇති තවත් කරුණක් වන්නේ රුපියල් බිලියන 200ක මුදලක් එකතු කර ගත හැකි අන්දමට ලිපිගොනු පවතින බවකි.
මේ සඳහා රජයක් ලෙස කටයුතු කර තිබේද යන්න ඔවුහු ප්‍රශ්න කර සිටිති.
වෘත්තියන් තලා පෙලා බදු එකතු කිරීමෙන් රට තුළ තවදුරටත් ඔවුන් රැදී සිටිනනේද යන්න ගැටලුවක් මතුවන බව වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.
රජයේ සංශෝධිත බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් මේ වන විට වෛද්‍යවරුන් 20000කගේ අත්සනින් යුතු පෙත්සමක් සකස් කරමින් යන බවත් මේ වන විට ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, බදුල්ල , මොනරාගල ඇතුළු රෝහල් ගණනාවක වෛද්‍යවරුන් අත්සන් කර ඇති බවද සංගමය පවසයි.









