බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“තාත්තා මැරුණේ හෙලිකොප්ටර් අනතුරෙන්මදැයි විශ්වාස කරන්න අමාරුයි”

මුස්ලිම් කොංග්‍රස් නිර්මාතෘ ඒ.එම්.එම් අෂ්රෆ්ගේ පුතා කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ ඒ.එච්.එම් අෂ්රොෆ් මහතාගේ මරණය හෙලිකොප්ටර අනතුරින් සිදුවූවක්මදැයි යන්න තමන්ට විශ්වාස කිරීමට අමාරු බවත් ඊට වඩා දෙයක් එතැන සිදුවූ වට තමන් විශ්වාස කරන වවත් ඔහුගේ පුත් අමාන් අෂ්රෆ් සඳහන් කරයි.

අරණායක ප්‍රෙද්ශයේදී සිදුවූ ගුවන් අනතුරකින් අෂ්රෆ් මහතා මිය ගියේ 2000 වසරේ සැප්තැම්බර් 16 වැනිදාය. අදට ඔහුගේ අභාවයෙන් වසර 20ක් සපිරෙයි. ඒ නිමිත්තෙන්  ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙ බව පවසා තිබේ. කෙසේ වුවද තමන්ට මේ බව සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් සාධකයක් නොමැති බවත් පවසන ඔහු නමුත් ඇසට පේන දේ පමණක් විශ්වාස කළ නොහැකි පසුබිමක් පවතින බවද සඳහන් කරයි.

ප්‍රවීණ මාධ්‍යව්දිනියක වන චාන්දනි කිරින්දේ සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරමින් අමාන් අෂ්රෝෆ් තවදුරටත් පවසා ඇත්තේ ඔහුට සතුරන් ලෙස තර්ජන පැවතියේ එල්.ටීටීඊ සංවිධානයෙන් බව තමන් දැන සිටියද ඔහුගේ දේශපාලන ගමනට බාධා කිරීමට උත්සාහ කළ පිරිස් සිටින්නට හැකි බව තමන් විශ්වාස කරන බව ද පවසා ඇත. වාර්ගික දේශපාලනයෙන් ජාතික දේශපාලනයට පැමිණි එකම මුස්ලිම් නායකයා ඔහු බවද පවසන අමාන් අෂ්රෆ් මේ නිසා ජාතික දේශපාලනය තුළ ඔහුගේ වේගවත් ගමන තවකකුට කර්ජනයක් සේ පෙනෙන්ට හැකි බවට තමන් විශ්වාස කරන බවද සදහන් කරයි.

A.H.M. අශ්‍ රෆ් සහ අමාන් පුතු අදට විසි වසරකට පෙර ගත් ඡායාරූපයක්

තමන් මේ රට සිංහල බෞද්ධ රටක් බවට විශ්වාස කරන බවත් එම තත්ත්වය තමන්ටවත් තමන්ගේ ජාතියටත් ලොකු ගැටලුවක් වී නැති බව සඳහන් කරන අමාන් අෂ්රොෆ් පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව රට මුහුණ දුන් තතත්වය පිළිබඳව සිහි කරන්නේ කණගාටුවෙනි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඉස්ලාම් අන්තවාදය ප්‍රතික්ෂේප කරන ඔහු මෙසේද පවසයි. “ අපි සාම්ප්‍රදායික මුස්ලිම් පවුල්වල අය. අපි ට මේ රට තුල සංස්කෘතියක් තිබුණා. ජීවත් වෙන රටාවක් තිබුණා . එයින් කාටවත් ප්‍රශ්නය වුණේ නෑ. නමුත් මේ රටේ අපේ මුස්ලිම් ප්‍රජාවටත් ප්‍රශ්නයක් වුණේ බාහිරින් ආපු බලපෑම්. අපිට අපේ ඇදහීම් හෝ අපේ පිළිවෙත් පෞද්ගලික විය යුතුයි. යමකු යම් ආගමක් දහමක් අදහනවා නම් එය තමන්ට අදාල පෞද්ගලික දෙයක්. නමුත් අපි වෙන ගෙදරකට ගිහින් කියනවා නම් ඔබ කරන දේ වැරදියි මෙන්න අපි කරන හරි විදිහ නැතිනම් අපායේ තමයි යන්නේ කියල ඒක වැරදියි.

මිය ගිය තම පියා හොඳ කැරිස්මාවක් සහිත නායකයකු බවත් ඔහුට අවශ්‍ය වූයේ මේ රටේ සෑම ජන කොටසක් සමඟම සුහදතාවක් ගොඩ නැගීමට බවත පවසා ඇති අමාන් අස්රොෆ් පියා 1981 මුස්ලිම් කොංග්‍රසය බිහි කළේ මුස්ලිම් ජනතාව නියොජ්නය කරන ප්‍රධාන දේශපාලන දහරාවේ මුස්ලිම් නියෝජිතයන්ගෙන් තම ප්‍රජාව වෙනුවෙන් කතා කිරම එක්තරා මට්ටමකට සීමා වූ නිසා බවද පෙන්වා දී තිබුණි.

“අෂ්රෝෆ් මහතා ජීවතුන් අතර සිටියදී ඔහු ඉතා ස්ථාවර ලෙසින් පක්ෂයට නායකත්වය ලබා දුන්නා. ඔහු සමග එකඟ නොවන බොහෝ දෙනකු සිටිනවා. නමුත් ඔහු තරයේ විශ්වාස කළ දෙයක් තමයි තම මුස්ලිම් නියෝජිතත්වය විශේෂයෙන් උතුර නැගෙනහිර පළාත් හරහා ව්‍යාප්ත කළ යුතු බව . නමුත් ඔහු තම පක්ෂය බස්නාහිර පළාතේ ව්‍යාප්ත කරද්දී එම පළාතේ මුස්ලිම් ජනතාව කිව්වේ අපට මෙහෙ ප්‍රශ්නයක් නෑනේ ඇයි ඔයගොල්ලෝ මෙහෙට මේ රැඩිකල් දේවල් ගේන්නේ කියල. එම නිවැරදි නම් අපේ තාත්තා මීට අවුරුද 40කට පමණ පෙරයි මීට පිළිතුර දී ඇත්තේ ඔහු ඔවුන්ට කියල තියෙන්නේ අප ප්‍රශ්නයක් නැතිවුණාට ඔබට ඉදිරියේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියල.

ඔහු කිව්ව වගේම අද අන්තවාදය සහ ජාතිවාදය නිසා ලොකු ප්‍රශ්න අපේ ප්‍රජාවට ඇති වෙලා” යයිද පුවත්පතෙන් නැගුණු ප්‍රශ්න හමුවේ ඔහු සඳහන් කර තිබුණි.

 

අමාන් අශ්රෆ් අද
Tags: නවතම
Share69Tweet43
Previous Post

මජර දේශපාලන හුවමාරු වලින් විනාශයට නොගිය ජාතික ආදර්ශය – අරුවක්කාලු

Next Post

අබේගේ දීර්ඝ පාලනය අවසන් කරමින් සුගා ජපාන අගමැති ධුරයට

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.