අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මජර දේශපාලන හුවමාරු වලින් විනාශයට නොගිය ජාතික ආදර්ශය – අරුවක්කාලු

දිනකට කසල ටොන් 1200ක් තැන්පත් කිරීමට අවුරුද්දකින් වැඩ නිම කරන්න සූදානම්

by editor
සැප්තැම්බර් 16, 2020
in පුවත්
Aruwakkalu

අරුවක්කාලු කසල අංගනයේ වැඩ කටයුතු නිමා වෙමින්

Share on FacebookShare on Twitter
  • ගෝඨාභය යෝජනා කළා… චම්පික පටන් ගත්තා… ගෝඨාභය විසින් නිමා කරන්න නියමිතයි…
  • සනීපාරක්ෂක කසල රැඳවුමේ  අතුරු ඵලයක් ලෙස බලශක්තිය…. අප ජලය පිරිසිදු කරන ව්‍යාපෘතියක් ඒ සමග
  • අංගනය ආශ්‍රිතව අක්කර හතරක පරිසර උද්‍යානයක්….

කැළි කසල ගැටළුවට විද්‍යාත්මක මෙන්ම පරිසර හිතකාමී විසඳුමක් වශයෙන් පුත්තලම අරුවක්කාළු සනීපාරක්ෂක කසල රඳවනයෙහි කටයුතු ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙසින් කඩිනම් කෙරේ.

මේ අනුව දිනකට කසල ටොන් 1200 ක් අරුවක්කාළු විද්‍යාත්මක සනීපාරක්ෂක කසල රඳවනයෙහි තැන්පත් කර එමඟින් බලශක්තිය සඳහා ස්වභාවික වායුව සහ වගා කිරීම සඳහා ජලය අතුරුඵල වශයෙන් ක‍්‍රියාත්මක කෙරෙන කසල රඳවනයෙහි වැඩ කටයුතු 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට කොළඹ අගනගර ආශ‍්‍රිත ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය (Metro Colombo Solid Waste Management) බලාපොරොත්තු වේ.

රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් වැඩබිමේ සංචාරයක

කැළණියේ සිට විශේෂ ආරක්ෂිත දුම්රියකින් කිලෝමීටර් 160 ක් දුරින් පිහිටි අරුවක්කාළු වෙත කසල රැගෙන යන අතර කැළණියට මෙම කැළි කසල කොළඹ මහා නගර සභාව හා පළාත් පාලන ආයතනවලින් ලබාදෙන්නේ එය වර්ගීකරණයකට ලක් කිරීමෙන් අනතුරුවයි.

ජාතික කර්තව්‍යයක් සේ සලකා මෙම ව්‍යාපෘතියට මහජනතාවට ද සහාය ලබාදිය හැකි අතර තම නිවසේදීම කැළි කසල වර්ගීකරණයකට ලක්කර පළාත් පාලන ආයතනවලින් සිදුකරන කසල එකතු කිරීමේ ක‍්‍රියාවලියට යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කැළණියේ සිට සුරක්ෂිතව දුම්රිය මාර්ගයෙන් ගෙන එනු ලබන කැළි කසල අරුවක්කාළු සනීපාරක්ෂක කසල අංගනයේදී රඳවා ගනු ඇත.

දුම්රිය පෙට්ටි 30 බැගිින් සමන්විත විශේෂ ආරක්ෂිත දුම්රිය 2 ක් මෙම කසළ ප‍්‍රවාහනය සඳහා යොදාගනු ලබන අතර එක් දුම්රියකින් ටොන් 600 ක කසල ප‍්‍රමාණයක් එක්වරකට ගෙන යා හැකිය.

මෙම සනීපාරක්ෂක කසල රඳවනයෙහි ක‍්‍රියාකාරීත්වය ආරම්භ වී වසර 2 ක පමණ කාලයක් ගතවන විට ස්වභාවික වායුව නිපදවිය හැකි අතර එමඟින් ලැබෙන බලශක්තිය මෙම ව්‍යාපෘතියේ ශක්ති ජනනයට සහ ජාතික විදුලිබල පද්ධතියට ද ලබාදීමට සැලසුම් කර තිබේ.

විදුලි බලය නිපදවීමට, අප ජලය පවිත‍්‍ර කිරීමට හා මෙහි පර්යේෂණාගාරයේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙහිදී අමතර ආදායම් ලබාගත හැකි මාර්ග වශයෙන් ද හැඳින්වීමට පුළුවන.  රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාට අනුව තව වසරකින් මේ ව්‍යාපෘතියේ වැඩ නිමා වනු ඇත.

අරුවක්කාළු ප‍්‍රදේශයේ අක්කර 265 ක භූමි ප‍්‍රදේශයක මෙම සනීපාරක්ෂක කසල රදවන ව්‍යාපෘතිය පිහිටන අතර එමඟින් අක්කර කිහිපයක්ම උද්‍යානයක් ලෙස අලංකාර කිරීම, ආරක්ෂක භූමි සහ පරිසර හිතකාමී තත්වය ඇති කිරීමට වෙන් කර ඇත.

මෙම මුළු ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඇ.ඩො.මි. 120 කි.

අරුවක්කාලු කසල අංගන ප්‍රෙව්ශ මාර්ගයක් සැකසෙමින්
රටක් ලෙස අප ඉදිරියට යන්නට අවශ්‍ය වන්නේ අශික්ෂිත දේශපාලන භාවිතයන් නොවේ. රටට ප්‍රායෝගික සංවර්ධන ව්‍යාපෘති  ප්‍රතිපත්ති හා එම ප්‍රතිපත්ති මත පදනම් වූ ව්‍යාපෘති  දේශපාලන කුහකත්වයකින් තොරව පවත්වාගෙන යෑමය. කැළි කසල අර්බුදයට විද්‍යාත්මක, පරිසර හිතකාමී දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාවය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණු අතර මෙම ක‍්‍රියාවලිය සඳහා මුලින්ම අවධානය යොමු කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන කාලයේදීය. එහෙත් එය ක්‍රියාත්මක වුනේ නැත. කොළඹ අවට කුණු කඳු ගොඩ ගැසුනි. එහි ප්‍රතිඵල ලෙස මීට වසර තුනකට පෙර මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යෑමෙන් සිදුවූ පුද්ගලයින් හතලිස් දෙනෙකුගේ ජිවිත විනාශය මෙන්ම දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළ දේපළ විනාශයත්  සිදු විය.  බ්ලුමෙන්ඩල්, කරදියාන වැනි තැන්වල  පරිසර හා මහජන සෞඛ්‍යය ව්‍යසනයට පත් විය.
මේ ව්‍යසනයෙන් පසු පසුගිය ආණ්ඩුවේ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින්   අරුවක්කාලු කසල අංගනයේ කටයුතු ආරම්භ කළේය. ඊට එරෙහි විරොි්ධය ගොඩ නැගිනි. එවකට විපක්ෂයේ සිටි මේ ආණ්ඩුව එම විරෝධය දේශපාලනික කලමනාකරණය කරගත්තේය.
නමුත් බලයට පැමිණි පසු එම ව්‍යාපෘතිය ඒ බරින්ම ක්‍රියාත්මක කිරීමට   රජය කටයුතු කරමින් සිටී.
දේශපාලනකිව කුඩුකේඩුකම්වලින් බැහැරව ප්‍රායෝගික ප්‍රතිපත්තිමය පාලන ක්‍රමයකට පත් වීමේ වැදගත්කම පාලකයන් පෙන්වා දෙමින් සිටී. මේ සාක්ෂරතාවය මේ රටේ ඡන්ද දායකයා වෙත ලැබෙන දිනයේ මේ රට වඩාත් සශ්‍රීක එකක් වනු ඇත.
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම රජයෙන් පමණයි.

Next Post

“තාත්තා මැරුණේ හෙලිකොප්ටර් අනතුරෙන්මදැයි විශ්වාස කරන්න අමාරුයි”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.