සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අබේගේ දීර්ඝ පාලනය අවසන් කරමින් සුගා ජපාන අගමැති ධුරයට

by Lanka Sara Editor
සැප්තැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නූතන ජපන් ඉතිහාසයේ දීර්ඝතම පාලනය ගෙන ගිය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් පරිපාලනය අවසන් කරමින් අද යෝෂිහයිඩ් සුගා එරට 99 වැනි අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

ජපාන අගමැතිවරයාගෙන් පසුව එරට ප්‍රධානතම තනතුර වන කැබිනට් ප්‍රධාන ලේකම් තනතුර වසර ගණනාවක් හෙබවූ සුගා 71 හැවිරිදි අයෙකි.

අසනීප තත්ත්වය සඳහන් කරමින් ෂින්සෝ අබේ පසුගිය මාසයේදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය. අගමැති පාලන කාලසීමා 4ක් අඛණ්ඩව පාලනයේ සිටිමින් ඔහු එරට දීර්ඝ කාලයක් අගමැති ධුරයේ සිටියේය.

මීට පෙර අබේ සිය අවසන් කැබිනට් රැස්වීම පවත්වා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ වසර අටකට ආසන්න කාලයක් බලයේ සිටි කාලය තුළ ඔහු ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ආඩම්බර වන බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජපානයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ දී අගමැති ධුරය සඳහා ඡන්ද 462 න් 314 ක් ලබා ගනිමින් සුගා ඉතා පහසුවෙන් ජයක් ලැබීය.

ඔහුගේ කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (එල්ඩීපී) නායකත්වයෙන් යුත් සන්ධානයක් පාර්ලිමේන්තුව තුළ බහුතරය දරන හෙයින්, ඔහුගේ ජයග්‍රහණය අපේක්ෂා කළ එකක් විය.

පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීම සඳහා ඡන්ද විමසීමේදී ප්‍රමාණවත් ඡන්ද ලබා ගත් පසු සුගා, සිය අසුනෙන් නැඟිට පස් වතාවක් හිස නමා ආචාර කළේය.

ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී ද සුගා විසින් එම ප්‍රතිඵලයම ලබා ගත් පසු නව අගමැතිවරයා වහාම කළේ සිය පළමු කැබිනට් මණ්ඩලය පිහිටුවීමට පියවර ගැනීමයි.

වාර්තා වූ කැබිනට් සාමාජිකයින් 20 දෙනාගෙන් අබේගේ බාල සොහොයුරා වන නොබුඕ කිෂි ද ඇතුළුව නව ආරක්ෂක ඇමතිවරුන් වන්නේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් පස් දෙනෙකු පමණි.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා ඔහු ටාරෝ අසෝව මුදල් ඇමති ලෙසත්, ටොෂිමිට්සු මොටෙගි විදේශ ඇමති ලෙසත්, යසුතෝෂි නිෂිමුරා ආර්ථික පුනර්ජීවනය සහ අමාත්‍යවරයා ලෙසත් තෝරා ගෙන ඇත.

ප්‍රවීණ දේශපාලනඥයෙකු හා දිගුකාලීන කැබිනට් සාමාජිකයෙකු වන ඔහුට, ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය සඳහා දුෂ්කර අවස්ථාවක පෙරමුණ ගැනීම අභියෝගයක් වනු ඇතැයි විශ්ලේෂකයන්ගේ අදහසයි.

වෙනත් බොහෝ රටවල් මෙන්ම ජපානයද වසර ගණනාවක ආර්ථිකය එකතැන පල්වීමෙන් පසු වාර්තාගත විශාලතම ආර්ථික පසුබෑමට හේතු වූ කොරෝනා වයිරස් වසංගතය සමඟ පොරබදමින් සිටී.

ජනගහනයෙන් තුනෙන් එකක් පමණ 65 ට වඩා පැරණි වයස්ගත සමාජයක් සමඟ ද රටේ ආර්ථිකයට කටයුතු කරන්නට සිදුවී ඇත.

සුගා අගමැති ධුරයට පත්වීමෙන් පසු කීවේ පැවැති පාලනයේ ඇතැම් ප්‍රතිපත්ති ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි. උදාහරණයක් ලෙස ෂින්සෝ අබේගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන වූ ‘අබෙනොමික්ස්’ ඉදිරියට ගෙන යන බව ඔහු පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“තාත්තා මැරුණේ හෙලිකොප්ටර් අනතුරෙන්මදැයි විශ්වාස කරන්න අමාරුයි”

Next Post

“පාස්කු බෝම්බකරුවන්ගෙන් ඉතිරි වූ සාරා වහාම ලංකාවට ගෙන්වන්න”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.