පසුගිය දින කිහිපය තුළ ශ්රි ලංකාවට බලපෑම් කළ මැන්ඩූස් සුළි කුණාටුව අද තමිල්නාඩුවට බලපෑම් කරනු ඇති බවට ඉන්දීය කාලගුණික අංශ මේ වනවිට අනතුරු අඟවා තිබේ. ඉනදියාවේ චෙන්නායි නුවරට දැඩි වර්ෂාපතනයක් සහ දැඩි සුළං පවතින අතර අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට ගුවන් ගමන් 15ක් පමණ අත්හිටුවා ඇති බව ඉන්දීය මාද්ය වාර්තා කරයි. මේ අවලංගු ගුවන් ගමන් අතර කටුනායක බලා ගමන් කිරීමට තිබූ ගුවන් යානයක් ද වෙයි.
උතුරු තමිල්නාඩු සහ පුදුචෙරි වෙරළට මෙම සුළි කුනාඩුට නිසා බලපෑමට ලක්වමට ඉඩ ඇති බව පුකාහ වන අතර, දෙසැම්බර් 8 වැනිදා සිට තමිල්නාඩුවේ බොහෝ දිස්ත්රික්කවලට දැඩි වර්ෂාපතනයක් ඇද හැළුණි.
මැන්ඩූස් බලපෑම අද දින ද තවදුරටත් ශ්රි ලකාවට එලල් විය හැකි අතර එහි ප්රතිඵලයක් ලෙස අද දිනයේද දිවයිනේ ඇතැම් ප්රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.







