දිනසේන රතුගමගේ –
පිටස්තර පළාත් වලින් වවුනියාව නගරයට පැමිණ සිගමන් යදින යාචකයින්ගෙන් කොරෝනා ව්‍යාප්ත විය හැකි නිසා නගරයේ සිටින සියළුම යාචකයින් එක් ස්ථානයක රඳවා තැබීමට පොලීසිය සමාජ සේවා දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව එම නිලධාරීන් වවුනියාවේ යාචකයින් සොයා ගොස් ඔවුන්ගේ විස්තර ලබා ගෙන ඔවුන්ට සිගමන් යැදීමෙන් පසුව නතර වීමට ස්ථානයක් ලබා දීමට පියවර ගෙන තිබේ.
ඊට අමතරව යාචකයින්ගේ වැරහැළි ඇදුම් වෙනුවට අලුතින් ඇදුම්පැලදුම් සපයා දීමටත් ඔවුන්ව නවතා තබන ස්ථානයේ ඔවුන්ට දිය නෑමට හා පිරිසිදු වීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමටත් පියවර ගනිමින් සිටියි.