කීර්ති ප්‍රනාන්දු –
අඟුනකොල පැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක ලබාදීමට සූදානම් කර තිබූ බවට සැලකෙන නවීන පන්නයේ ජංගම දුරකථනයක් සහ උපාංග කීපයක් බන්ධනාගාරය තුළ බිම වළ දමා තිබිය දී සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස් ( පාලන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව බන්ධනාගාරයේ වයි ඒකකයට අයවට සිදුකළ පරික්ෂාවක දී මෙම උපකරණ සොයාගෙන ඇත.
බන්ධනාගාරයේ වයි අංශයේ කොටස හා තාප්පය අතර පිහිටි ඉඩ කොටස තුළ පොලව යට මෙය වළ දමා තිබී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා කීවේය.
මෙම නවීන ජංගම දුරකථනයට අදාල එමි අංකය ද එහි සඳහන් නොවන බවට අනාවරණය වී ඇත.
බන්ධනාගාරයේ වයි අංශය තුළ සැක කරුවන් කීප දෙනෙක්ම රඳවා සිටින බවත්, මෙම නවීන ජංගම දුරකථනය රන්ජන් රාමානායකට ලබා දීමට රැගෙන විත් අතැ බවට සැක කරන බවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අදාලා දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර පරීක්ෂණ සදහා භාර දෙන බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා කියයි.