නතාෂා නෙත්මිණි –
නිරෝධායනය සඳහා පවුල් 40000ක ආසන්න වශයෙන් 122 000ක පිරිසක් මේ වන විට නිවෙස් තුළ රඳාව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
මොවුන්ගෙන් නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කරයි.
මොවුන් නිවෙස් තුළ රැඳී සිටිය යුතු වුවද නිවසින් පිටතට ගමන් කරන බවට තොරතූරු ලැබී ඇතැයි පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් සෙවීම සදහා හෙට (01) සිට මෙහෙයුමක් දියත් කරන බවද සඳහන් කර සිටියි.