බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු 79ක වග උත්තර කරුවන් නිදහස් කරන්න කොමිසමෙන් නිර්දේශ කරලා..

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම අධිකරණයට කළ ලිඛිත අපහාසයක්... ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පවසයි

by editor
ජනවාරි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අනුව මහාධිකරණයේ විභාග වන නඩු 61ක වගඋත්තරකරුවන් ඇතුළු සමස්ත නඩු 79ක වගඋත්තරකරුවන් නිදහස් කරන ලෙස නිර්දේශ කර තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පවසයි.

මෙම  කොමිෂන් සභා වාර්තාව මගින් මේ රටේ නීතිය හෑල්ලුවට ලක්වී එය බලපෑමට ලක්වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම අදහස් ප්‍රකාශයට පත් වුණේ  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානය විසින් අද (31) පිටකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේ දී සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ය.

සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල පැවසුවේ මෙම කොමිෂන් සභා වාර්තාවට ජනාධිපතිවරයා විසින් විෂය පථයක් ලබා දී  තිබුණත් එම විෂය පථයට අයත් නැති උදය ගම්මන්පිල වැන්නවුන් ද සිය නඩු වලින් නිදහස් කර ඇති බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ ගම්මන්පිල මහතාට අදාළව මහාධිකරණයේ හා මහේස්ත්‍රාත් උසාවියේ විභාග වෙමින් ඇත්තේ පෞද්ගලික ව්‍යාපාරික ගනුදෙනුවකට අදාළ නඩුවක්. නමුත් මෙම කොමිසම මෙම සියලු චෝදනාවලින් ඔහු මුදා හරින ලෙස නිර්දේශ කරනවා. ඔහු විෂය පථයට අයත් කෙනෙක් නෙමෙයි. ඔහු කැබිනට් අමාත්‍යවරයෙක්. “

“තවත් සිදුවීමක් තිබෙනවා. මහින්ද කහඳගමගේ නාගරික මන්ත්‍රීවරයෙක්. ඔහුත් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. පිල්ලෙයාන් අමාත්‍යවරයාට අදාළ සිදුවීමත් එලෙසමයි. බැසිල් රාජපක්ෂට අදාළ සිදුවීමත් එලෙසමයි. මෙබඳු නිදසුන් ගණනාවක් තිබෙනවා. මේ කොමිසමට ලැබුණු බලය ඉක්මවා ගිය ස්වභාවයක් දකින්නට පුළුවන්. “

“ තවත් කරුණක් වන්නේ, මෙම කොමිසම මගින් අධිකරණය ඉදිරියේ විභාගයට ලක්වෙමින් පවතින නඩු පිළිබඳ නිර්දේශ ලබා දීමයි. දුමින්ද සිල්වාට අදාළ නඩුව විභාග වූ ආකාරය වැරදියි කියලා ඔහු මුදා හරින ලෙසට මෙයින් නිර්දේශ කර තිබෙනවා. එම නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ විසින්ද තීන්දුවක් දී අවසන් වූවක්. මෙම කොමිසමේ සභාපතිවරයාත් එම කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස සේවය කළා.

දැන් මෙම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට තවත් ජනාධිපති කොමිසමක් පත්කර තිබෙනවා. එම කොමිසමේ සභාපති ලෙස පත් කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා දුමින්ද සිල්වා මහතාට අදාළ නඩුවේ විනිසුරු මඩුල්ලේ සිටියා. එතුමා මෙම නඩුව සම්බන්ධයෙන් කවරාකාරයේ නිර්දේශයක් ලබා දෙනු ඇත්දැයි අපි බලා සිටිනවා.“ යැයි නීතිඥ සුනිල් වටගල කීවේය.

ඔහු පවසන්නේ පසුගිය වකවානුවේ අධිකරණයට සිදුවූ බව කියන වාචික අපහාස නොව, දැන් සිදු වෙමින් ඇත්තේ කොමිෂන් වාර්තාවලින් සිදුවන ලිඛිත අපහාස බවය. විත්ති කරුවන් නිදහස් කරන්නට බලකරමින් පවතින නඩුවලට ඇඟිලි ගැසීමත්,  වරක නීතිපතිවරයා විසින්ම කරුණු සලකා බලා පවරන ලද නඩු නැවත සලකා බැලීම සඳහා නැවත නීතිපතිවරයා වෙත යැවීමට නිර්දේශ කරීමත්,  පෙරදී වංචා දූෂණවලට එරෙහිව කටයුතු කරන ලද නිලධාරීන්  විත්තිකරුවන් කර  වෙනත් කොමිසමක් පිහිටුවා ඔවුන්ට  දඬුවම් කරන්නැයි නිර්දේශ කිරිමත් මේ කොමිසමෙන් සිදු වී ඇතැයි  නීතිඥවරයා පවසයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතීඥ ගසාලි හුසෙන් පවසන්නේ  නඩුවකට සම්බන්ධ නොවූ, නඩු වාර්තා අධ්‍යයනය නොකළ අයෙක් නඩුවක් සම්පූර්ණ වැරදි යැයි කියා සිටීම මුලුමනින්ම වැරදි දෙයක් බවය.

“ මමත් වසර 12ක කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළා. නීතිපති දෙපාර්තමේනතුව වෙත ලැබෙන විමර්ශන වාර්තාවක් සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කර ඉන් අවසානයේ සාර්ථක නඩුවක් ගෙන යා හැකි දැයි තීරණය කරනු ලබනවා. ඉන් අනතුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරන ලෙසට පොලීසියට උපදෙස් දෙනු ලබනවා. වරද බරපතළනම් නිතිපතිතුමා විසින් අධිචෝදනාවක් ඉදිරිපත් කරනවා. ඒ අනුව නියමිත මහාධිකරණයක දෙපාර්ශ්වය කැඳවා නඩුවක් විභාග කර තීන්දුවක් ලබා දෙනවා. මේ තීන්දුවලින් අතෘප්තියට පත් කෙනෙකුට ඉහළ අධිකරණවලට අභියාචනය කිරීමේ අවස්ථාව තිබෙනවා.“

“ දැන් මේ නඩුවට සම්බන්ධ නොවූ, නඩු වාර්තා අධ්‍යයනය නොකළ අයෙක් මෙම නඩු සම්පූර්ණ වැරදි යැයි කියා සිටීම සම්පූර්ණ වැරදි දෙයක්. අධිචෝදනා පත්‍රයත්, අධිකරණයේ තීන්දුවත් වැරදි යැයි කිව නොහැකියි. මේක අධිකරණයට පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවටම කරන ලද අපහාසයක්. අතෘප්තියට පත් පාර්ශ්වයන් ඉහළ අධිකරණ බලා ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය අවස්ථා තිබුණා. එසේ තිබියෙදී දැන් නැවත වරක් කියනවා ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න කියලා. නඩු පවරන අවස්ථාවේ තිබූ තත්වය දැන් නැවත යැවූ විට වෙනස් වන්නේ කොහොමද? “

“මේ සියලුම නඩු නිසි ක්‍රියාදාමය තුළ විභාග වූ ඒවායි.  අපි නීතිපතිවරයාගේ තීරණය සමග එකඟ වීමට හෝ නොවීමට හැකියි. එසේ නොවේනම් කෙනෙකුට අධිකරණ ක්ෂේත්‍රය තුළම සහනයක් ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. අධිචෝදනා ලැබූවන්ට අධිකරණයට ගොස් එම තීරණ අභියෝගයට ලක් කිරීමට අවස්ථාව තිබුණා. “

“දැන් නඩුවක වින්දිත හා සැකකාර වශයෙන් පාර්ශ්ව දෙකක් තිබෙනවා. දැන් මේ වාර්තාවේ කියන්නේ වින්දිත පාර්ශවයට නඩු පවරන ලෙසයි. පැමිණිලිකරු බොරු කියා ඇත්දැයි පරීක්ෂණයක් කළ යුතුයි. එසේ නැතිව පැමිණිල්ලක් කළ පමණින් නඩුවකට යා නොහැකියි. දැන් වින්දිතයාට දඬුවම් දීමට නිර්දේශ කිරීම අපි තේරුම් ගන්නේ කොහොමද? ඒක සාධාරණද? දැන් ඒ පරීක්ෂණය තබන්නේ කවුරුන් විසින්ද? ඒ පොලීසිය විසින්ම නේද? නැවත අධිචෝදනා පත්‍රයක් යවන්නේ ඒ නීතිපතිතුමාම නේද? එසේ කිරීම එම නීතිපති දෙපාර්තමේන්තුවට කරන අපහාසයක් නෙමෙයිද? “

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම   ජ්‍යෙෂ්ඨ නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතීඥ මංජුල බාලසූරිය, නීතීඥ අකලංක උක්වත්ත, නීතීඥ චරිත් ගල්හේන යන නීතීඥවරුද එක්ව සිටියහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා පවුල් 40000ක 122000ක් නිවෙස් තුළ නිරෝධායනයේ…

Next Post

චීන දුම්රිය එන්ජින් ධාවනයෙන් දුම්රිය රියදුරෝ ඉවත් වෙති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.