ලක්ෂාන් ද සිල්වා –
ප්‍රවාහන ක්ෂේත්රය යථා තත්ත්වයට පත් වන තෙක් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද අද (07) පැවසීය.
පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රවාහන ක්ෂේත්රයේ යථා තත්ත්වයට පත් පත්වී තිබිය යුතු බවත් තවමත් දුම්රියන්වල, බස් රථවල හිට ගෙන යාමට අවසර නොදෙන තත්ත්වයක් යටතේ පාසල් පටන් ගන්න දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් හේ පෙන්වා දුන්නේය.
පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරනු ලැබුවත් ඒ අංශවලින් ද පාසල් ආරම්භ කිරීමට අනුමැතියක් මෙතෙක් හිමි වී නැතැයි ද ලේකම්වරයා කීය.
ආරම්භ වන සතිය තුළ තුළ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරීම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කර පාසල් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ද ඔහු කීවේය.