කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ ආයෝජකයකු වෙත පැවරීමට පෙර ඒ පිලිබඳ ජනමත විචාරණයක් පවත්වා ජනතා අනුමැතිය ලබා ගත යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමන් සමග යෝජනා කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ලංකාසරට පැවසීය.
තමා ඇතුළු සංගමයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (29) අගරදගුරු හිමිපාණන් හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බව වෛද්‍ය පාදෙණිය කීය .
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අගරදගුරු හිමිපාණන් පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් තමන් ද අවධානය යොමු කළ බවත් රටක් හැටියට අප සතු සම්පත් විකිනීමේ අවදානම් සහගත බවත් වර්තමාන ආණ්ඩුව විම සම්පත්වල භාරකරුවා පමණක් බවද හෙතෙම කීය.
කැබිනට් අනුමැතියක් නොමැතිව මෙය පැවරීම සඳහා අනුමැතිය ලබා දීම සුදුසු දෙයක් නොවන බවත් එය ලබා දෙන්නේ නම් සමස්ත ජනතාවගේ ඒ පිළිබඳව විමසීම වඩාත් යෝග්‍ය බව උන්වහන්සේ සඳහන් කර ඇත.