මාතර සම්පත්
මාතර මහධිකරණය අසල හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය නිලධාරීන් සමත් විය.
මෙම සැකකරුවන් තුන්දෙනා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හා මහාධිකරණය අසල සැරිසරමින් හඳුනාගත් සැකකරුවන්ට සහ අධිකරණයේ පෙනී සිටීමට පැමිණෙන පුද්ගලයන්ට හෙරොයින් අලෙවි කිරීම සිදු කර තිබේ.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට ලැබුණු තොරතුරක් මත දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම ප්‍රධාන සැකකරු හෙරොයින් ප්‍රවාහනයට භාවිත කළ scooty වර්ගයේ යතුරුපැදිය මාතර බන්ධනාගාර නියාමක නිලධාරිනියකගේ බව පාපොච්චාරණය කර තිබේ.
ඇයගේ ස්වාමි පුරුෂයා බස්නාහිර ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු බව ද එම සැකකරුවන් කළ පාපොච්චාරණයට අනුව දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සහ පොලිස් බුද්ධි ඒකකය විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින්වල ප්‍රමාණය ග්‍රෑම් 60ක් වන අතර සැකකරුවන් තිදෙනා මාතර ප්‍රදේශයේ පදිංචි 38 සහ 24 , 25 වියේ පසුවන්නන් ය.
එක් අයෙකු මාතර හුනු කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි. අනිත් සැකකරෙක් සැකකරු ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.