දිනසේන රතුගමගේ –
වවුනියාව ඕමන්ත ප්රදේශයේ යුද හමුදාව විසින් පවත්වාගෙන යන සුබ සාධක අවන්හල පිළිබඳව තොරතුරු දැක්වෙන නාම පුවරුවට 16 දා රාත්රී කිසියම් පිරිසක් විසින් පහර දී විනාශ කොට තිබේ.
යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ ඕමන්ත ප්රදේශයේ පවත්වා ගෙන යන අවන්හල ඉතා ජන්ප්රිය වී ඇත්තේ එහි ආහාරවල මිල ගණන් අඩු වීමත් ප්රණීත හා පිරිසිදු ලෙස ආහාර සකස් කිරීමත් නිසාය.
කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් එම අවන්හලේ නාම පුවරුවට පහර දී විනාශ කිරීම පිළිබඳව යුද හමුදාව හා ඕමන්ත පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.