එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති ජනක රණවක ඇතුලු එම පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වීමට තීන්දු කොට තිබේ.
අද (09) ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද සේවය කළ ඒ මහතා කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළේය. කලමණාකරණ පශ්චාත් උපාධිධාරීයෙක් වන ඒ මහතා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි.
ශ්රීලනිපය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ රණවක මහතා පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරගකොට මනාප 31683ක් ලබා ගත්තේය.