කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් අද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. මරණ තුනම වාර්තා වන්නේ කොළඹ නගර සීමාව තුළය.
කොළඹ 13 පදිංචි වයස අවුරුදු 92ක පුද්ගලයෙක්, අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි වයස අවුරුදු 70 -80 අතර මරදානෙන් හමු වූ පුදගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති. මින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇත්තේ නිවෙස්වලය.
මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 211ක් බව රජය වාර්තා කළේය.
මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 502ක් හමු වූ බව රජය කීවේය. මෙසේ වාර්තාවන ආසාදිතයන් 502න් 83ක් බන්ධනාගාර රැඳවියන්ය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40628කි. මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.