fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, අප්‍රේල් 18, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    එස්.ටී.එෆ් වෙඩි පහරින් 02ක් රෝහලේ…

    එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

    විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

    විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

    පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

    පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

    ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…

    ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…

    ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

    අගමැති මුල්ව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හදිසියේ ජනපති එන්න තීරණ කරයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු

    ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු

    අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

    අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

     දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය 2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ විනිවිද

මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න…

 (දෙවන කොටස) ගැටලු නිරාකරණය 

editor by editor
මාර්තු 10, 2021
in විනිවිද
437 4
මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න…
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන 

ගැටලු නිරාකරණය  මෘදු කුසලතාවක් වන අතර ඉහළ ප්‍රජානන ශක්‍යතාවක් පෙන්නුම කරන කුසලතා ලක්ෂණයකි. මෙය අදියර කිහිපයකින් සමන්විතය‍. එනම්

  • ගැටලුව හඳුනා ගැනීම,
  • ගැටලුව විග්‍රහ කිරීම ,
  • තමාට ඇති කරන බලපෑම තේරුම් ගැනීම,
  • විසඳුම් අතරින් සුදුසුම විසඳුම තෝරා ගැනීම
  • පසුවිපරම

ගැටලුවක් උද්ගත වූ විට එම ගැටලුවට තමා දන්නා විසඳුම හෝ වෙන අය කළ පිළියම් හෝ ආදේශ නොකිරීම ගැටලු නිරාකරණය පිළිබඳ මනා පරිචයක් ඇති අයගේ ලක්ෂණයයි. එහිදී ගැටලුව කොටස් වශයෙන් වෙන්කර ඒ දෙස බැලීම සමස්තය ලෙස බැලීමට වඩා පහසු වෙයි. ගැටලුව මනාව හඳුනාගැනීමට උපකාරී වෙයි. සමහර අවස්ථාවල කොටස් වශයෙන් බැලිය යුතුද සමස්තයක් වශයෙන් බැලිය යුතුද යන්න පුද්ගලයාට තේරුම් යන්නේ ඔහු තුළ ගැටලු නිරාකරණය පිළිබඳ අත්දැකීම්, පුහුණුව සහ පළපුරුද්ද බහුල වූ තරමටය. එමනිසා ගැටලු නිරාකරණයේදී ඉහත ආකාරයෙන් අදියර වශයෙන් වෙන්කර ගනිමින් විසඳුම් සෙවීම ඵලදායී වෙයි. එවන් අවස්ථාවත අපට විසඳුම් එකකට වඩා වැඩි ගණනක් ලැබිය හැකිය. ඒ අතරින් වඩාත් වාසිදායක විසඳුම කරා යෑමටද අපට හැකිවන්නේ මේ අදියර ඔස්සේ අප ගැටලුව අධ්‍යනය කරන විටදීය.

RelatedPosts

එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

පහත දක්වා ඇති අයුරින් ගැටලුව දෙස විමර්ශනාත්මකව බැලීමට මෘදුකුසලතා දියුණු කරගත යුතුවෙයි.

ගැටලුව හඳුනා ගැනීම  –

  • ගැටලුවට ආශ්‍රිත සියලු තොරතුරු සොයා රැස් කිරීම 
  • විශ්ලේෂණාත්මක චින්තනය

මෙම රැස්කර ගත් තොරතුරු විශ්ලෙෂණය කරමින් ගැටලුවේ කුමන අවස්ථාවන් අරභයා එම තොරතුරු ආදේශ වේද, එකඟ වේද, ගලපා ගත හැකි වේද, නොගැලපේද, තවත් තොරතුරු අවශ්‍ය වේද යන්න විමසීම් කිරීම මෙහිදී සිදු වේ.

කුඩා දරුවන්ට ඔවුන්ට ඇතිවන යම් යම් ගැටලු ඔවුන් විසින්ම හඳුනාගැනීමට ඉඩ හළ යුතුය. අප සිතන්නේ මේ සඳහා විශාල දේවල් කළ යුතුය යන්නය. නැත. ඔහුගේ පාවාහන් ජෝඩුව නිවැරදිව පය ලා ගැනීම මුල් අවදියේ ඔහුට විශාල ගැටලුවකි. එය ගැටලුවක් නොවන බව සිතන දරුවා වම දකුණටත් දකුණ වමටත් පළඳියි. එය ගැටලුවක් වන්නේ අපටය. එය නිවැරදි කරන තුරු අපට ඉවසිල්ලක් නැත. නමුත් එය නිවැරදි නොවන බව ඔහුටම හඳුනාගැනීමට යම් කාලයක් ලබාදී එය නිවැරදි කරගැනීමට ඔහු අනුගමනය කරන පියවර දෙස සන්සුන්ව බලා සිටිය යුතුය. එහිදී ඔහුගේ අහිංසක උත්සහයන් දැක අපට සිනා නැගෙයි. අප ඔහුට තනිවම විසඳා ගැනීමට ඉඩ දෙන සෑම තත්පරයක්ම ඔහුගේ මොළයට අලුත් අත්දැකීමක් එකතු කරනු ලබයි. අනාගතයේ ඔහුට මුහුණදෙන්නටවන ගැටලු සහගත ලෝකයේ පීඩාවකින් තොරව විසඳුම් කරා යෑමට හැකිවන ඉගෙනුම් බීජ ඒ දෙන සෑම තත්පරයක් තුළම දහස් ගණනින් රෝපණය වෙයි. මේ අයුරින් කුඩා දරුවන්ගේ ගැටලු විසඳා දීමට මව්පියන් ඉදිරිපත් නොවී විසඳා ගැනීමට සහයවීම පුරුද්දක් කර ගත යුතුය.

ගැටලුව විග්‍රහ කිරීම

  • පෙර මුහුණදුන් ගැටලුවල අත්දැකීම්
  • අන් අය මුහුණ දුන් අත්දැකීම් වල තොරතුරු

තමාට මුහුණ පෑමට සිදුවූ හෝ තමාට මුහුණ දෙන්නට සිදුවන ගැටලුව විග්‍රහ කිරීමේ හැකියාව පුද්ගලයෙකුට තිබිය යුතුය. ගැටලුවක් මනාකොට විග්‍රහ කළ හැකි තැනැත්තා තමාගේ ගැටලුව මනාකොට හඳුනාගෙන ඇති බව ප්‍රකට කරයි. ඒ සඳහා භාවිතා කළයුතු නිවැරදි භාෂාව, සන්නිවේදන හැකියාව සහ සන්සුන්භාවය ඔහු තුළ අමතර හැකියාවන් ලෙස පැවතීම වැදගත්ය.

දරුවා කුඩා වියේදී ඔහු බහ තෝරන්නට පටන් ගත් තැන පටන් ඔහු තම ශබ්දකෝෂයට වචන රැස්කර ගනී. එහිදී තමා දන්නා සීමිත වචන සංඛ්‍යාවෙන් ඔහු දිගු කතා කියන්නට උත්සහ ගනී. මෙහිදී ඔහුට බාධාකර ඔහු කියන්නට හදන දේ මව්පියන් පවසනු දැකිය හැකිය. දරුවාගේ කතාව කරච්චලයක් ලෙසින් සිතන කාර්යබහුල මව්පියෝ ඔහුගේ විස්තරයට ඇහුම්කන් නොදී දරුවා කියන දෑ නොසලකා හරිති. නමුත් අප කළ යුත්තේ දරුවාට ඔහුගේ අදහස නිවැරදිව අප වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමයි. එය ගැටලුවක් වේවා, කතාන්තරයක් වේවා,  අවශ්‍යතාවයක් වේවා ඔහුගේ අදහස ප්‍රකාශ කරන්නට ඉඩදීම ඉතාම වැදගත්ය. එහිදී ඔහු නිවැරදිව තමාගේ අවශ්‍යතාව අනෙකාට සංනිවේදනය කරන්නට ඉගෙන ගනී. අනෙකාට එය තේරුම් කරදීමට තරම් තමා තමන්ගේ ගැටලුව හඳුනාගෙන ඇති බවත් ක්‍රමයෙන් ඔහු තේරුම් ගනී. ඔහු මුලදී අපට පෙන්වන චිත්‍රය දෝස බහුල විය හැකිය. එහෙත් අප අවධානයෙන් සවන්දිය යුතුය. මන්ද. මේ සිටින්නේ අනාගතයේ සමාජයට පිවිසෙන්නට නියමිත සමාජ සත්වයෙකි. දරුවා යනු ඒ සමාජ සත්වයාගේ දීර්ඝ සමාජානුයෝජන ක්‍රියාවලියට සත්‍රියව මුහුණ දෙමින් ඉගෙන ගනිමින් සිටින්නෙකි. ඒ ඉගෙනුම ලබාදෙන වැඩිහිටියන් හැමවිටම දරුවා කේන්ද්‍ර වූ අවකාශයක සිටිය යුතුය.

තමාට ඇති කරන බලපෑම  –

  • තම ජීවිතයට ඇති කරන බලපෑම තේරුම් ගෙන ඒ සඳහා
  • ක්ෂණිකව විසඳුම් ගතයුතුද
  • කල්දැමිය යුතුද
  • අත්හැරිය යුතුද යන්න පිළිබඳව තීරණයකට ඒම

අප දරුවන් ළමා කාලයේ විවිධ දේවලට යොමු කරනු ලබයි. ක්‍රීඩා සෞන්දර්ය බාලදක්ෂ ආදී විෂය ක්ෂේත්‍ර සඳහා ළමා කාලයේදී ඔහු යොමු කරවයි. මේ සෑම දෙයකින්ම ඔහු ලබන පරිචය තුළ ජීවිතය ඉගෙන ගන්නට දරුවාට අවස්ථාව ලැබෙයි. විශේෂයෙන් බාලදක්ෂයකු වීම මගින් දරුවාට බුද්ධි , ආකල්ප සහ සදාචාර සංවර්ධනයට ඉවහල්වන විශාල පුහුණුවක් දැනුමක් ලැබෙයි. මේ සෑම දෙයක් හරහාම දරුවා ජීවිතය තොරා ගනී. තමාට අවශ්‍ය දේ තබා ගනිමින් අනවශ්‍ය දේ බැහැර කරන්නට ඔහු ඉගෙන ගනී. මේ අවස්ථාවේ මව්පියෝ ඉතාම බුද්ධිමත්ම දරුවා සමග සම්බන්ධවී ඔහුගේ අදහස් සාකච්ඡා කළ යුත්තාහ. ඔහු ඉවතලන්නේ සැබෑවටම අනවශ්‍ය දෙයක්ද? එය පසුව හෝ කරන්නට අදහස් ඇතිද, ඔහු තබා ගන්නේ සැබෑවටම අවශ්‍ය දේද? මේ සංවාදයෙන්ද දරුවාට යමක් ඉගෙන ගත හැකි විය යුතුය. ඔහුට තමාගේ තරමින් තම ජීවිය දෙස බැලීමට මෙම සාකච්ඡාව ප්‍රයෝජනවත් විය යුතුය.

විසඳුම් අතරින් සුදුසුම විසඳුම තෝරා ගැනීම –

මෙම ප්‍රශ්නය තමාට බලපෑමක් ඇති කරන්නේ නම් එයින් ගැලවීමට සියලු විකල්ප විසඳුම් සොයා ගැනීම වැදගත්ය. තම පෙර අත්දැකීම්, අන් අයගේ අත්දැකීම් උපයෝගී කරගත යුතුය.

නිර්මාණශීලී චින්තනය මගින් තමා මෙතෙක් එල්බගෙන සිටින රාමුවෙන් පිටත විසඳුම් වුවද සලකා බැලීම යහපත්ය.

දරුවකුට ගැටලුවක් , අභියෝගයක් හමුවූ විට එම ගැටලුවට විසඳුම් ලෙස විසඳුම් කිහිපයක් හමුවිය හැකිය. එසේම අභියෝගයක් ජයගැනීමට යායුතු මාර්ග කිහිපයක්ම හමුවීමට ඉඩ ඇත. මේ විසඳුම් හා මාර්ග අතුරෙන් තමාට වඩාත් වාසිදායක විසඳුම හෝ මාර්ගය හෝ දරුවාට තෝරාගැනීමට  පමනක් නොව විසඳුම මාර්ග පෙන්වා දීමටද වැඩිහිටියන්ට සහය විය හැකිය. ජීවිත අත්දැකීම් බහුල වැඩිහිටියන් හට දරුවාට ප්‍රායෝගික පැතිකඩ මනාව පෙන්වා දිය හැකිය. අත්හළ යුතු මිතුරන්, පුරුදු, විෂයන් , ආකල්ප ගැන විවෘතව සාකච්ඡා කිරීමට දරුවාට ඉඩදිය යුතු අතර මව්පියන් ඒ සඳහා සූදානම් විය යුතුය. අපගේ ඉතිහාසය, සාහිත්‍ය   ආගමික දර්ශනය තුළ ඇති විසඳුම් සහ අප මුහුණ දුන් මේ සමාන අභියෝග  වලදි අප අනුගමනය කළ විසඳුම් පිළිබඳ සාකච්ඡා කළ හැකිය.

ඒ ඇසුරෙන් දරුවාට ගැටලුවලට මුහුණදීම ජිවිතයේ සාමාන්‍ය ස්වභාවයක් බවත් සෑම ගැටලුවකටම එයට අනන්‍ය වූ විසඳුම් ඇති බවත් අප විසින් ඒවා සොයාගත යුතු බවත් සුදුසු අවස්ථාවේ බාහිර උපකාර ලබාගත් යුතු බවත් තේරුම් ගනී. ඉතාම කුඩා කාලයේ මව්පියන් අපගේ සපත්තුවේ ලේස් පටි ගැටගැසූ මුත් අප එය තනිව කරගන්නට ගත් උත්සාහය සිහිපත් වේ නම් අපට වැරදුණු වාර ගණන අපට මතක් කළ හැකිද? එහෙත් කිසියම් දිනක නිවැරදිව එක්වරම අප එය කළ බව සිහිපත් කරන්න. ටයි පටිය ගැට ගසන්නට සමහරුන්ට තවමත් බැරිවී ඇත්තේ ඇයි කියා ඔබ කවදා හෝ සිතුවාද? එය නීරස, ඔළුවට වදදෙන දෙයක් ලෙස ළමා කාලයේදී  අපේ මොළයට අප යවා ඇති පණිවුඩය මෙන්ම මව්පිය වැඩිහිටියන් වහා ඉදිරිපත්ව අපගේ ගැටලුව නිරාකරණය කර දිම එයට හේතුව බව ඔබ දන්නවාද? එහෙත් ළමා කාලයේ එය අභියෝගයක් කොට සැලකූ අය අද මනාව ටයිපටිය ගැට ගසන බව අප සිතා බලා තිබේද?

තෝරා ගත්  විසඳුම  

  • තමාගේ ගැටලුවට ඇති අදාළත්වය,
  • එහි ඇති වාසි අවාසි,
  • උචිත අනුචිත බව අගැයුමක් කිරීම

සුදුසු විසඳුම් කිහිපයක් ඇති විට සමහර විට තෝරා ගන්නා විසඳුම ඔහුට ගැලපෙන විසඳුම නොවිය හැකිය. අත්දැකීම් මද හෙයින් අවාසි වාසි හැටියට දැකිය හැකිය .නමුත් වැරදිම පවා ජීවිතයට පාඩම් ගෙන දෙන බව වැඩිහිටියන් දරුවාට පෙන්වා දීමට මේ මොහොතේ  මැදිහත් වීම ඉතා වටිනේය. එම මැදිහත්වීමද අවස්ථාව බලා සුදුසු අයුරින් කළ යුතුය. නිසි අයුරින් දරුවාගේ ජීවිතයේ ඉඩකඩ ලබා ඇති දෙමව්පියන් විසින් කරන මෙබඳු මැදිහත්වීම්වලට දරුවන් කෙදිනකවත් විරෝධ්‍ය පාන්නේ නැත.

විසඳුම            

  • නීත්‍යානුකූලභාවය ,
  • අනුගමනය කිරීමේ පහසුව,
  • සදාචාර සම්පන්න බව
  • සංස්කෘතියට ගැලපීම ඉතා වැදගත්ය

ස්වයං අවබෝධය,  සහකම්පනය, විශ්ලේෂාණාත්මක චින්තනය සහ නිර්මාණශීලි චින්තනය උපයෝගී කර ගැනීමද වැදගත්ය

සෑමවිටම දරුවාට ගැටලුවලට විසඳුම් සොයන විට කුඩාකාලයේදී පවුලේ සිරිත් විරිත් ආචාරධර්ම, සමාජ ධර්මතා සහ සංස්කෘතිය පිළිබඳ සැලකිළීමත් විය යුතුය. “ දරුවාට තමාගේ සංස්කෘතික ප්‍රේක්ෂාවෙන් බැහැර වූ කිසිවක් ඉගැන්විය යුතු නැත” යි ශ්‍රේෂඨ ළමා මනෝ විදඥයෙකු වූ ලීව් විගොට්සි පෙන්වා දී ඇති. සමාජ පරිහානියට හේතුවන බොහෝ දේවල් අප විසාන් දරුවාට ලබා දේන්නේ ඔහුට නොතේරෙන අවධියේදීය. දරුවා නොතේරුම් කම නිසා එය බාරගත්තද ක්‍රමයෙන් වැඩෙනවිට මව්පියන් දුන්දේ බැවින් එය නිවැරදියැයි සිතා අත්හරින්නට අකමැති වෙයි. මත්වතුර මත්ද්‍රව්‍ය වෙළඳුන් තම දරුවන්ට එම ව්‍යාපාර පසුකාලීනව පවරන අයුරු බලන්න. දරුවන්ටද එය පිළිබඳ වැරදි හැඟීමක් නැති. එහි ඇති අනිටු ඵලවිපාක පිළිබඳ වගවිය යුතුබවට සිතුවිලි මාත්‍රයක් ඔශූට නැති. ඒ වෙනුවට ඇත්තේ ලෙහෙසියෙන්ම මුදල් ඉපැයිය හැකි ලාබදායී ව්‍යාපාරයක් බවය.

එමනිසා අපට දරුවන් හැඩගැස්වීවමට ලැබෙන හොඳම අවස්ථා එන්නේ දරුවන්ට ගැටලුවක් අභියෝගයක් එල්ල වූ විටය. එසේම එකම ගැටලුව නැවත් නැවත් පැමිණෙන විට අප වෙතට දුව එන්නට සිදු නොවන සේ දරුවන්ට මග පෙන්විය යුතුය. තෝරා ගැනීම ඔහුට බාර දිය යුතුය. ඒ තෝරාගත්දේ පිළිබඳ වගකීම ඔහුට පැවරිය යුතුය. එවිට එහි හොඳ නරක දෙකෙහිම ප්‍රථිඵලවල ගෞරවය ඔහුට අයත්ය. එමනිසා ඹහු වඩාත් සුපරීක්ෂාකාරී වෙයි. මන්ද දරුවන් ස්වභාවයෙන්ම අගය කිරීම් ප්‍රශංසා කිරීම ලබනු කැමැත්තෝය. එයම උපයෝගී කරගනිමින් ඉහත පෙන්වා ඇති විසඳුම තුළ තිබිය යුතු සීමා මායිම් පෙන්වා දිය හැකිය

පසු විපරම

  • ප්‍රතිඵලය ඇගයුමක් කරන්න.
  • ප්‍රශ්නය තමා බලාපොරොත්තු වූ අයුරින් විසඳුනිද, නැතිද,
  • මගහැරුනේ මොනවාද යන්න.
  • ජීවිතයේ සෑම ගැටලුවකදීම අප බලාපොරොත්තු වන පූර්ණ විසඳුම නොලැබෙන බව

යමක් කළ පසු පසු විපරමක් අගැයීමක් සිදු කිරීම මගින් අපට ජීවිතයේ පසුකාලීනව එන ගැටලු අභියෝගවලට මනාකොට මුහුණ දිය හැකිය. සිදුවූ වැරදි අඩුපාඩු පාඩමක් කොටගෙන ඉදිරි කටයුතුවලදී වඩාත් ප්‍රශස්ත ලෙස කටයුතු කළ හැකිය.

දරුවාට මෙම පාඩම කියාදීම වැදගත්ය. “ඔබට මෙය සිදුවූයේ එදා ඔබ මේ පිළිබඳව දැක්වූ අඩු සැලකිල්ල නිසා බව ඔහුට තේරුම් කරදිය යුතුය.” ඔබ මේ සම්බන්ධව සැලකිලිමත්වීම වැඩි කළහොත් ඔබට අපහසුවකින් තොරව මේ කඩඉම ජයගත හැකිය”. යනුවෙන් පෙන්වාදිය හැකිය. කණ්ඩායමක් සමග එක්ව කටයුතු කිරීමට, නායකත්වයට අවනත නොවීමට, පොදු තීරණවලට එකඟ නොවීමට දරුවන් දක්වන දුර්වලතා  නිවැරදි කරගැනීමට මෙම පසුවිපරම විශාල සහයක් ලබා දෙයි.

මේ අයුරින් බලනවිට වැඩිහිටිවියේදී අප මෘදු කුසලතා ඉගෙනීම සඳහා ළමාවියේ දී ඒ සංකල්ප අප තුළ ඇතිකරගෙන තිබිය යුතු බව පැහැදිලිය. සංකල්ප චින්තය වූ කල්හි වැඩිහිටි වියේදී අමුතුවෙන් උගත යුතු මෘදු කුසලතාවන් නැති බවත් නිතැනින්ම ඔහු මෘදු කුසලතා ඇත්තකු වන බවත් ඔබට තේරුම් යෑමට මෙම ලිපි උපකාරී වෙන්නට ඇත.

Tags: නවතම
Previous Post

හිරුණිකා අත්අඩංගුවට ගන්න වරෙන්තු

Next Post

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුදැයි මහජන ආරක්ෂක ඇමති හෙළි කරයි…

Related Posts

දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න
විනිවිද

දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

අප්‍රේල් 6, 2021
මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න
විනිවිද

මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න

ජනවාරි 31, 2021
ආදරය තියන තැන…
විනිවිද

ආදරය තියන තැන…

ජනවාරි 26, 2021
ඉතින් ජීවත් වෙමු…
පුවත්

ඉතින් ජීවත් වෙමු…

ජනවාරි 2, 2021
Next Post
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුදැයි මහජන ආරක්ෂක ඇමති හෙළි කරයි…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුදැයි මහජන ආරක්ෂක ඇමති හෙළි කරයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…
  • විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…
  • පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist