නතාෂා නෙත්මිණි
ලාබාලතම කොවිඩ් මරණය රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වී ඇත.
ඌව පරණගම ප්රදේශයේ පදිංචි දින 42ක් වයසැති බිළිදා බදුල්ල මහ රෝහලේ සිටියදී කොවිඩ් වෛසරය ආසාදන වී ඇති බව කරන ලද පිසීආර් පරික්ෂවේදී අනාවරණය වූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අනතුරුව කොවිඩ් ආසාදනය වී ඇති සිය මව සහ දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර එවීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.