දිනසේන රතුගමගේ
යුද සමයේදී ආරක්ෂක පියවරක් වශයෙන් තල් කොට උපයෝගී කරගෙන යාපනයේ ධීවර වරායන් අසල ආරක්ෂක අංශ විසින් ඉදි කරණ ලද බංකර් වලින් එම තල් කොට ඉවත් කරණ ලෙස ධීවර අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව මේදිනවල ආරක්ෂක අංශ එම තල් කොට ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
යාපනයේ අරියාලේ සිට කෝවිල්කණ්ඩි දක්වා ධීවර වෙරළවල් වල මෙම තල් කොට තිබීම නිසා ධීවරයින්ට මසුන් මැරීමේ කටයුතු වලට බාධා එල්ල වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ආරක්ෂක අංශ වලට පෙන්වා දී තී තිබේ.
අමාත්‍යවරයා මේ ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී ධීවරයින් විසින් අමාත්‍යතුමාට ඉදිරිපත් කරණ ලද මෙම ප්රශ්නය ආරක්ෂක අංශ සමග සාකච්ඡා කොට විසදා ගෙන තිබේ.