දිනසේන රතුගමගේ –
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මීට දින කීපයකට ඉහතදී අත් අඩංගුවට ගත් නිෂා වික්ටර් නැමති සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් ලද තොරතුරු අනුව යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ චෙම්මනි හින්දු සුසාන භූමියේ කෙළවරක වළලා තිබූ පුද්ගල නාශක බෝම්බ හා අත් බෝම්බ දෙකක් ඊයේ (19) අත්අඩංගුවට ගත්තේය.
නිශා වික්ටර් නැමැත්තා යාපනයේ ක්‍රියාත්ම ”ආවා කල්ලියෙන්” බිදී ගොස් වික්ටර් කල්ලිය නිර්මාණය කළ අය බවට තොරතුරු ලැබී තිබේ. අදාල සැකකරුව යාපනය වැඩ බලන මහේස්ත්‍රාත් නාලනී සුදාකරන් මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමේ පසුව සැකකරුව සැප්තැම්බර් 22 දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට තිබේ.
මේ අතර ඊයේ (19) සවස කිළිනොච්චිය පලෙයි පොලීසිය විසින් ද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත්තේය.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ කිලාලී ප්‍රදේශයේදීය.
මෙම පුද්ගලයන් දෙදෙනා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ගමන මල්ලක දමාගෙන මාර්ගයක ගමන් කරමින් සිට ඇති අතර පොලීසිය එම ස්ථානයට ළඟාවන විට ඔවුන් පළා යාමට තැත් කොට තිබේ.
පොලීසිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදි එම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත. සැකකරුවන් දෙදෙනා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පලෙයි පොලීසිය පියවර ගෙන තිබේ.