දිනසේන රතුගමගේ –
- නැවතී සිටි තාවකාලික නවාතැන් වහලා දාලා…
- කිසිම විදිහට පී.සී.ආර් පරීක්ෂණ කරලා නෑ… මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කියයි…
මන්නාරමේ දේවස්ථානවල හා මහා මාර්ග වල සේවය සදහා දකුණෙන් පැමිණි පුද්ගලයින්ගෙන් 60 දෙනෙකු පමණ කිසිදු ආකාරයක කොරෝනා පරීක්ෂණයකට ලක්ව නොමැති බව මන්නාරමේ සෞඛ්‍ය නිලධාරීහු පැවසූහ.
මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එස්.විනෝදන් කියා සිටියේ මන්නාරමේ වසා දමා තිබූ පළාත් දෙකක් යළි විවෘත කරණු ලැබුවද එම පළාත්වල වැසියන් කෙරෙහි සෞඛ්‍ය අංශ නිලධාරීන් දැඩි අවධානයකින් සිටින බවයි.
මන්නාරමේ දේවස්ථාන වල සේවය සඳහා පැමිණි පිරිසක් අතරින් එක් අයෙකුට කොරෝනා රෝගය වැළදී තිබූ බවත් ඒ ඔස්සේ කරණ ලද පී.සී.ආර්.පරීක්ෂණ වලදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු මන්නාරමෙන් හමු වූ බවත් එම නිලධාරියා පැවසීය.
එම ආරංචිය පැතිර යාමත් සමගම මන්නාරමේ සෙසු දේවස්ථාන වල හා මහා මාර්ග වල සේවය සදහා පැමිණ සිටි පුද්ගලයින්ගෙන් 60 දෙනෙකුට වඩා ඔවුන් මන්නාරමේ තාවකාලිකව පදිංචිව සිටි ස්ථාන වලින් අතුරුදහන් වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.