සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර අමුවෙන් මාළු කෑමට ගනිමින් බිය නොවී මාළු කන ලෙස ජනතාවට දුන් පණිවිඩය සමාජ ජාල තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ.
පෑලියගොඩ කොවිඩ් පොකුර හේතුවෙන් ධීවරයින් අසරණව සිටින බවත් ජනතාව මාළු මිලදී ගැනීමට බියවීම නිසා ඔවුන්ගේ ජීවිත තවත් දුෂ්කරතාවට පත්ව ඇති බවට මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මාළු කෑමට බිය නොවන ලෙස පවසමින් බෑගයක දමාගෙන ආ මාළු කූරින් දෙදෙනකු පෙන්වමින් එක් මාළුවකු අමුවෙන් මාධ්‍ය ඉදිරිපිට ඔහු කෑවේය.
මේ දර්ශනය සමාජ ජාල තුළ විවේචනාත්මක ලෙස හුවමාරු වන්නේ අමුවෙන් මාළු ආහාරයට ගැනීම මගින් සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳව ද පෙන්වා දෙමිනි.
පසුගිය දිනවල සෞඛ්‍ය බලධාරින් දිගින් දිගටම උපදෙස් දුන්නේ ශ්‍රී ලංකාවට ආවේණික ක්‍රමය අනුව මාළු හොඳින් පිසගෙන ආහාරයට ගැනීමෙන් වෛරසය නොවැළඳෙන බවත් වෙනත් කිසිදු අහිතකර තත්ත්වයක් ද ඇති නොවන බවයි.