fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, ජනවාරි 16, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…

    ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…

    දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

    මහනුවර වැසුණු පාසල් 42ක් සඳුදා සිට ඇරේ – 3ක් තවදුරටත් වහලා

    5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

    පාදෙණිය ප්‍රභූවරයෙක්…  කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

    මනාපය එපා… මේ දේශපාලන ක්‍රමයෙන් සමු ගන්නවා… මංගල නිවේදනය කරයි.

    ෆේල් සර් නොවෙයි… සර්ගෙ මතවාදයයි… මේ විනාසෙ පටන් ගත්තේ  56න්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

    බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

    කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

    මානසික රෝගීන්ගේ ඖෂධ ගැන අමුතු කතා කියන අයත් සාමාන්‍ය රෝගවලට  ඒ බෙහෙත් බීලා තියනවා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා LPL

තිසරගේ අඩිපාරේ ගිය අවිශ්ක ජැෆ්නා කණ්ඩායමේ අපරාජිතබව රැක ගනී

අෆ්රිඩි නැති ගෝල් කණ්ඩායමට පිට පිට සිවුවැනි පරාජය

editor by editor
දෙසැම්බර් 4, 2020
in LPL, ක්‍රීඩා
431 5
තිසරගේ අඩිපාරේ ගිය අවිශ්ක ජැෆ්නා කණ්ඩායමේ අපරාජිතබව රැක ගනී
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ ප්‍රවේගකාරී පිතිහරඹයක නිසා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව අද පස්වරුවේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම එල්.පී.එල්.තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 170 හඹා ගිය ජැෆ්නා කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ කඩුලු 5ක් පමණක් වැය කරමිනි.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…

දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ඉනිම ආරම්භ කළ ජැෆ්නා කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ටොම් මුවර්ස් ලකුණු 11කට දැවී යාමෙන් පසු මිනෝද් භානුක සමග එක්ව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 125 දක්වා ඉහළ දැමීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්විය. පළමු ඕවර 5 නිමාවනවිට ලකුණු 38ක් වූ ජැෆ්නා ඉනිම ඕවර 10 නිමාවෙද්දි ලකුණු 80 දක්වා ඉහළ දැමීමට  මේ පිතිකරුවන් දෙදෙනා සමත්වූහ. 

ධනංජය ලක්ෂාන් යැවූ 13 වැනි ඕවරයේ පළමු පන්දු 3ම හයේ පහරවලින් සංග්‍රහ කළ අවිශ්ක ප්‍රනාන්දුගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 40කිනි. අනතුරුව 14 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් මිනෝද් භානුක දවාලීමට අසිත ප්‍රනාන්දු සමත්වීමෙන් පසු පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ ලකුණු මැෂිම නායක තිසර පෙරේරාට වැඩිවේලා පිටියේ රැඳී සිටීමට අසිත ප්‍රනාන්දු ඉඩ තැබුවේ නැත. තිසර පෙරේරා ලකුණු 9කට දැවීයද්දී ජයග්‍රහණය සඳහා ජැෆ්නා කණ්ඩායමට අවශ්‍යව තිබුණේ පන්දු 21කින් ලකුණු 26ක් පමණි. 

අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ එම ඉලක්කය පන්දු 12කට ලකුණු 19ක් දක්වා අඩු කිරීමෙන් පසුවය. ලකුණු 84ක්  රැස් කිරිමට පන්දු 59කට පමණක් මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සිය ඉනිමට එකතු කරගත්තේය. 19 වැනි ඕවරය යැවූ මොහොමඩ් අමීර්ට පිට පිට හතරේ පහර 6කින් සංග්‍රහ කරමින් ජයග්‍රහණය පහසු කරගැනීමට වනිඳු හසරංග සමත්වීම නිසා අවසන් ඕවරයේදි ඔවුන්ට ලබාගත යුතුව තිබුණේ ලකුණු 3ක් පමණි. 

සිය දියණිය හදිසියේ රෝගාතුර වීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහීඩ් අෆ්රිඩිට නැවත පාකිස්තානය බලා යාමට සිදුවීම නිසා උපනායක භානුක රාජපක්ෂ අද තරගයේදී නායකත්වය දැරූ අතර ජයග්‍රහණ ඉඩෝරයකට හසුවී සිටින ගෝල් කණ්ඩායමට අෆ්රිඩිගේ අඩුව තව දුරටත් විශාල පාඩුවක් බවට පත්විය. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති ගෝල් කණ්ඩායමේ අවසන් තරගයේදී ඉනිම ආරම්භ කළ හස්රතුල්ලා සසායි, මිලින්ද සිරිවර්ධන සහ වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් ද අද විවේක ගැන්වූ ගෝල් කණ්ඩායම ඒ වෙනුවට චැඩ්වික් වෝල්ටන්, ධනංජය ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු සහ  අහ්සාන් අලි කණ්ඩායමට කැඳවා තිබිණි. 

පාකිස්තාන පිතිකරු අහ්සාන් අලි සමග ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක මුළු ලකුණු සංඛ්‍යාව 67 දක්වා ඉහළ දැමූවත් ඒ සඳහා ඕවර 8කුත්, පන්දු 2ක්ම වැයවීම ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට තිබුණු බලාපොරොත්තු බිඳ වැටිණි. මේ පිතිකරුවන් දෙදෙනා ආරම්භක ඕවරයේ සිටම ඇද බැඳ තබාගැනීමට ජැෆ්නා කණ්ඩායමේ පන්දු යවන්නෝ වග බලා ගත්හ. ගෝල් කණ්ඩායමට පළමු ඕවර 5 ඇතුළත රැස් කිරීමට හැකිවූයේ ලකුණු 37ක් පමණි. අනතුරුව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නා වන ඩුවේන් ඔලිවර්ට පිට පිට හතරේ පහර 2ක් එල්ල කරමින් පීඩනයෙන් මිදීමට අහ්සාන් අලි උත්සාහ කළත්, ඊළඟ ඕවරය යැවූ වනිඳු හසරංගගේ උපක්‍රමශීලී පන්දුයැවීම නිසා ලකුණු 4කට වඩා රැස් කිරිමට ආරම්භක පිතිකරුවෝ අසමත් වූහ. නායක තිසර පෙරේරා යැවූ 8 වැනි ඕවරයෙන් ලකුණු 11ක් උදුරා ගත් ධනුෂ්කගේ සහ අහ්සාන්ගේ සම්බන්ධතාව බිඳ දමනු ලැබුවේ 9 වැනි ඕවරය යැවූ වනිඳු හසරංග විසිනි. 

පන්දු යවන්නා වෙතටම උඩපන්දුවක් දී අහ්සාන් ලකුණු 29කට දැවී යාමෙන් පසු ධනුෂ්ක සමග එක්වූ ගෝල් කණ්ඩායමේ පුහුණුකරු මොයින් අලීගේ පුත්‍රයා වන අසාම් ඛාන් ලකුණු සංඛ්‍යාව 110 දක්වා ඉහළ නැංවූයේ වනිඳු යැවූ 11 වැනි ඕවරයෙන් ලකුණු 16ක් උදුරා ගනිමිනි. ඩුවේන් ඔලිවර් යැවූ 12 වැනි ඕවරයේ පළමු පන්දු 2ම පිට පිට හතරේ පහර 2ක් එල්ල කරමින් ගෝල් කණ්ඩායමේ ඉනිම ලකුණු 100 සීමාවෙන් ඔබ්බට යාමට ධනුෂ්ක ගුණතිලක සමත්වූ අතර සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ අසාම් ඛාන් ලකුණු 25කට දැවීයාමෙන් පසු වැඩිවේලා කඩුල්ලේ රැඳි සිටීමට ඉඩක් නොලැබිණි. 

ධනංජය ද සිල්වා යැවූ ඉනිමේ 14 වැනි ඕවරයේදී අෆ්රිඩි වෙනුවට නායකත්වයේ කටයුතු කළ භානුක රාජපක්ෂ දවාලීමට ෂෝර්ට් කවර් කලාපයේ සිට නායක තිසර පෙරේරා රැකගත් උඩපන්දුව අතිවිශිෂ්ට එකකි. ඕවර 15ක් නිමාවනවිට ගෝල් කණ්ඩායම ලබා සිටියේ කඩුලු 4කට ලකුණු 122ක් පමණි. පන්දු 44කදී හතරේ පහර 7ක් සමග ලකුණු 56ක් රැස් කළ ධනුෂ්ක ගුණතිලක දවාලීමට සමත්වූයේ වනිඳු හසරංගය. 

ඉන් පසුව ඉනිමේ 16 වැනි ඕවරය යැවූ ශොහේබ් මලික් ලබා දුන්නේ ලකුණු 5ක් පමණි. එසේ වුවත් උස්මාන් ශින්වාරි යැවූ 17 වැනි ඕවරයේ නිපන්දුවක් වූ පළමු පන්දුවට එල්ල කළ හයේ පහරක් ද ඇතුළු පන්දු 4දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24ක් උදුරා ගැනීමට වෝල්ටන් සමත්විය. පස්වැනි පන්දුවෙන් ඔහු දැවී යද්දී පන්දු 14කින් ලකුණු 31ක් ලබා සිටියේය. අවසන් ඕවර 3ට ගෝල් කණ්ඩායම රැස් කළේ ලකුණු 17ක් පමණි.

Tags: නවතම
Previous Post

පී.එච්.අයි මහත්වරුන්ට කෙළ ගැසූ අටලුගම ආසාදිතයා 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

ගංවතුරට කොටු වූ කිළිනොච්චි වැසියන් 131 බේරා ගැනීමට ගුවන් හමුදා සහාය…

Related Posts

කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!
ක්‍රීඩා

ජනවාරි 13, 2021
පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…
ක්‍රීඩා

මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

ජනවාරි 10, 2021
අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි
ක්‍රීඩා

අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

ජනවාරි 7, 2021
එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.
ක්‍රීඩා

එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

ජනවාරි 6, 2021
Next Post
ගංවතුරට කොටු වූ කිළිනොච්චි වැසියන් 131 බේරා ගැනීමට ගුවන් හමුදා සහාය…

ගංවතුරට කොටු වූ කිළිනොච්චි වැසියන් 131 බේරා ගැනීමට ගුවන් හමුදා සහාය...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…
  • ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…
  • ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist