සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06ක් අද දිනය තුළ වාර්තා කළේය. කොළඹ 03 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මෝදර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබිණි.
කොළඹ නගරසීමාව තුළ මිය ගිය පුද්ගල මරණ දෙකත්, කළුතර දකුණ ප්‍රදේශයේ දී මිය ගිය 65 හැවිරිදි පිරිමි පුද්ගලයාගේත් මරණ සිදුවී ඇත්තේ නිවසේ දීය. මෝදර මිය ගිය 75 හැවිරිදි පුද්ගලයා මියගොස් තිබුණේ වැඩිහිටි නිවාසයක් තුළය.
මේ වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 627ක් වාර්තා විය. ඔවුන් සියලු දෙනාම වර්තාව වූ බව කියන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරෙනි.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව පනස් දහසකට ආසාන්නය. ඒ සංඛ්‍යාව 49901කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.