ශ්‍රියානි විජේසිංහ –
දිවයින පුරා රජයේ රෝහල්වල රෝගී සත්කාර සේවාවන් මුළුමනින්ම බිදවැටීමේ ආරම්භක දිනය හෙටින් (23) සිට උදාවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.
පසුගිය පෙබරවාරි 13වන දින සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව සමස්ත සෞඛ්‍ය සේවකයින්ගේ වැටුපෙන් සියයට 15ක් කප්පාදු කරන බව සදහන් කර ඇති බවත් ඒ අනුව හෙට දිනයේදී ලැබෙන මාසික වැටුපෙන් මෙම කප්පාදුව සිදුකර ඇත්නම් රෝහල් පද්ධතියම අකර්මණ්‍ය කිරීමට සමස්ථ සෞඛ්‍ය වෘත්තිකයින්ම සහභාගි කර ගනිමින් කටයුතු කරන බව සංගමය අවධාරණය කරයි.
මෙම සියලු දුෂ්කරතා හමුවේ වුවද, ඖෂධ අර්බුදය පවා කළමනාකරණය
කරගනිමින් රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම තුළින් මෙරට අහිංසක ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරලීම උදෙසා වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් අපරිමිත කැප කිරීමක් සිදුකරන සිටින මොහොතකදී මෙවැනි කප්පාදුවක් කිරිම බලවත් අසාධාරණයක් බවත් මෙය නැවත ආපසු හැරවිය යුතු බවත් සංගමය අවධාරණය කරයි.
.මීට පෙර ද මෙවන් ගැටලුවක් මතු වූ අවස්ථාවකදී සෞඛ්‍ය සේවකයින්ගේ
වැටුප් කප්පාදුවක් කිසිසේත් සිදු නොකරන බව ජනාධිපතිතුමා තහවුරු කර
තිබියදී මෙන්ම, මුදල් අමාත්‍යංශය මගින් පසුගිය දිනවල දී නිකුත් කරන ලද
වියදම් කළමනාකරණය පිළිබඳව වන මාර්ගෝපදේශයන්හි, සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා ලබා දෙන අරමුදල් කිසිසේත්ම කප්පාදු නොකරන බව යලිත් තහවුරු කර තිබියදීත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම තීරණය අතිශයින් ප්රශ්නකාරී බව ඔවුහු පෙන්වාදෙති.
2023.02.15 දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම අයුක්ති සහගත තීරණය සම්බන්ධයෙන් දැඩි ලෙස සාකච්ඡාවට ලක්විය.
ඒ අනුව, මේ වන විටත් ලබාගෙන ඇති බැංකු ණය සඳහාවන පොලී අනුපාතික සහ මාසික වාරික විශාල වශයෙන් ඉහළ යාම, අසාධාරණ සහ ජන පීඩත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් සිදු වන වැටුප් කප්පාදුව, අධි උද්ධමනයත්, ජීවන වියදම ඉහළ යාමත් හේතුවෙන් මුදලේ වටිනාකම අඩු වීම යන සාධක හේතුවෙන් ආර්ථික සහ මූල්‍ය අර්බුදයට ලක්ව ඇති වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් මෙම අසාධාරණ 15%ක වැටුප් කප්පාදුව හරහා තව තවත් පීඩාවට පත්ව ඇති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ද්‍යෛ චමිල් විජේසිංහ සදහන් කරයි.







