සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට චැනල් සේවාත් නෑ… විශේෂඥ වෛද්‍යවරුත් වෘත්තීය ක්‍රියාමාර්ගක් ප්‍රකාශ කරති!

by editor
ජනවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 09 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයක් මත සම්මත වුණ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා පැමිණවිමේ හා ප්‍රවාහන දීමනාව (DAT) ක්‍රියාත්ම නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ සියලුම විශේෂඥ වෛද්‍යවරු හෙට උදේ 8 සිට   වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින්  DAT දීමනාව   රුපියල් 35000කින් වැඩි කිරීම අනුමත කළත් භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වෙන් නොවීම සම්බන්දව සෞඛ්‍ය ලේකම්වරයා කළ ලිඛිතව දැන්වීම සමග රට පුරා රජයේ රෝහල්වල  වෛද්‍යවරුන් වර්ජනයක් වර්ජනයක් සඳහා කැඳවිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අද  තීරණය කර තිබිණි.

තමන් ද එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා එක් වන බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරන්නේ ඒ අතරය.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කැබිනට් අනුමැතියට යටත්ව මෙම දීමනාව වෛද්‍යවරුන්ගේ ජනවාරි පඩියට එක් කිරීමට එකඟ වුව ද  සෞඛ්‍ය ලේකම්වරයා මධ්‍යම රජය යටතේ ඇති සියලුම රෝහල්වලට අද (23) දන්වා තිබුණේ  භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කර ගැටලුව කඩිනමින් නිරාකරණය කර ගන්නා තෙක් වැඩි කරන ලද රුපියල් 35000ක දීමනාව තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

මෙහිදී විහේෂඥ වෛද්‍යවරු දන්වා සිටින්නේ තමන් දන්නා පරිදි භාණ්ඩාගාරයට තමන්ගේ යෝජනාවක් ක්‍රියාත්මක කිරිමට නොහැකි වීම පුදුමයක් බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විශේෂ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ  DAT දීමනාව 35000කින් වැඩි කර 70000ක් බවට පත් කිරීම විෂමතාවයේ කොටසක් නිවැරදි කිරීමක් පමණක් බවය.

SL 3 ඛාණ්ඩයේ රාජ්‍ය සේවකයින්ට වාහන රියදුරු සහ ඉන්ධන දීමනා සඳහා කරනු ලබන ගෙවීම් ඉතා ඉහළ නමුත් අර්ධ වශයෙන් නිවැරදි වූ  DAT දීමනාව මුලුමනින්ම උපයන විට ගෙවීමේ බද්දට යටත් බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ තත්ත්වය තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙට උදෑසන 08 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් එහි ඉදිරි ස්වරූපය හෙට තීරණය කරන බවත් එම සංගමය දන්වා සිටී.

කෙසේ වෙතත්  සියලුම හදිසි අවස්ථා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවට සහතික වන බවත්,  දැඩි සත්කාර ඒකක, පිළිකා ඒකක, මාතෘ ඒකක, ළමා රෝග ඒකක, රුධිර කාන්දු පෙරණ ඒකක, ත්‍රී විධ හමුදා හමුදා රෝහල් සහ මනෝචිකිත්සක ඒකක මෙම වෘත්තීය ක්‍රියාවලියෙන් නිදහස් කර ඇති බවත් එම සංගමය දන්වයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුව ගල්විහාර පුද බිම මස් මඩුවක් කළ මස් වැද්දන් 03ක් අධිකරණයට!

Next Post

DAT දීමනාව ලැබෙයි.. වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු වර්ජනය අත් හරිති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.