සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිස්වන O.I.C තනතුරු ගන්න පොලිස් පිරිසක් දේශපාලකයින් ලඟ වැද වැටෙති!

by editor
ඔක්තෝබර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඒ බොහෝ දෙනෙක් පොලිසියක සුලු පැමිණිලි අංශයකවත් ස්ථානාධිපතිකම දරා නැතිලු…

  • වදෙන් බේරෙන්න බැරිම තැන දේශපාලකයෙක් එක් පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුරට පත් කරන සේ ඉල්ලමින්  නිලධාරීන් 15 දෙනෙකුට ලියුම් දීලා…

ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 225ක් සහකාර පොලිස් අධිකාරී තනතුරුවලට පත් වීමත් සමග හිස් වී ඇති පොලිස් ස්ථානාධිපති තනතුරු 100ක් සඳහා දේශපාලන වන්දනාවේ යන සුදුසුකම් නොමැති නිලධාරීන් දේශපාලකයින්ට ද කරදරයක් වී ඇති බව වාර්තා වේ.

හිසරදයක් වී ඇති මෙම තත්වය නිසා ස්ථානාධිපතිකම සඳහා පත් කර දෙන ලෙස තමන් ලඟ වැඳවැටෙන ඕනෑම පොලිස් නිලධාරියෙක් වෙනුවෙන් ලිපි නිකුත් කිරීමට දේශපාලකයින් කටයුතු කර ඇති බවත්,    එක් දේශපාලකයෙක් විසින් එක් පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුර සඳහා පත් කරන ලෙස ඉල්ලමින්  නිලධාරීන් 15 දෙනෙකුට ලිපි නිකුත් කර ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසිය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 225 අතර පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් 100කට වැඩි පිරිසක්  සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් නිලයෙන් උසස් වීමත් සමගම මෙම පොලිස් ස්ථානාධිපති ධූර හිස් වීමට නියමිතය. එම ස්ථානාධිපතිධූරයන්ට ලොල් වී සිටින ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් අතර දැන් ලොකුම තරගයක් ඇතිවී තිබේ.

ලියුම් 15

මේ වන විට ස්ථානාධිපති ධුර අපේක්ෂාවෙන් නිලධාරීන් දේශපාලන වන්දනාවේ යමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. එම ස්ථානාධිපතිධුරයට පත්කරන ලෙස ඉල්ලා ලියුම් නිකුත් කරන ලෙසට දේශපාලනඥයන් ළඟ ලජ්ජා සහගත ලෙස වැද වැටෙන බව පොලිස් තොරතුරු හෙළි කරයි. ඇතැම් දේශපාලනඥයන් පොලිස් නිලධාරීන්ගෙන් බේරෙන්නට බැරි තැන ලියුම් ඉල්ලා එන සෑම නිලධාරියෙකුටම ලියුම් ලබාදෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේ එකම දේශපාලනඥාගෙන් එකම පොලිස් ස්ථානයට ස්ථානාධිපති පත් කිරීම් වෙනුවෙන් නිලධාරීන්   පහළොස් දෙනෙකුට ලබාදුන් ලිපි ලැබී තිබෙන බවය. දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් ලැබීම සාමාන්‍ය වූවත් මෙම ඉල්ලීම් අසාමාන්‍ය බව එම නිලධාරියා කීය.

සම්මුඛ පරීක්ෂණවලට වැඩි දෙනෙක් ඇවිත් නෑ….

ස්ථානාධිපතිධුරයන් දැරීමට කැමැත්තක් ඇති නිලධාරීන් කැඳවා පසුගිය කාලයේ සම්මුඛ පරීක්ෂණ කැඳවමින් ඒ අයගේ සුදුසුකම් පරීක්ෂා කිරීමක්ද පසුගිය කාලයේ සිදුකල බවද එම නිලධාරියා පැවසීය. ඒ සඳහා නිලධාරීන් 1000 කට ආසන්න පිරිසක් සහභාගිවූ බවත් ඒ අයගෙන් 700 ක පමණ පිරිසක් තෝරාගෙන සිටින බවත් එම නිලධාරියා පැවසීය.

දේශපාලන වන්දනාවේ යන නිලධාරීන් අතර එසේ සමුමුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිය සුදුසුකම් ඉදිරිපත් කළ නිලධාරීන් සිටින්නේ අතලොස්සක් පමණක් බවත් බහුතරයක් දෙනා ස්ථානාධිපතිධුර දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති අඩුම තරමින් පොලිස් ස්ථානයක සුළු පැමිණිලි අංශයකවවත් ස්ථානාධිපතිධුරයක් දැරූ අය නොවන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගතියක්?.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ධුරය ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශභාර ස්ථානාධිපතිවරුන්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරියෙකුටයි. ඔහු සෑම පැත්තකින්ම දක්ෂයෙක් විය යුතුයි. මෙතෙක් ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙක් නිසි කලට ලැබෙන උසස්වීම්වලිනි. සහකාර පොලිස් අධිකාරී ධුරයට පවා මුලින්ම උසස් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයායි.

මෙවර 225 දෙනෙක් නිලධාරින් උසස්වීම් ලබන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 04 දෙනෙක්ම සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වරයාට උසස්වීම් ලැබී නැති බව විමතියෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් සඳහන් කරයි.

එක්සත්ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයේ අවස්ථා තුනක්ම සේවය කර ඇති භාෂා 04 ක් හැසිරවීය හැකි නීතීඥවරයක් ද වන  පොලීසියේ සිටින දක්ෂ නිලධාරියෙක් ලෙස සලකන ඔහු මේ උසස්වීම් වලදී නොසලකා හැර ඇති බව වාර්තා වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

100ට අඩුවෙන් කන්න දෙන්න ඉන්දියාවෙන් සහ බුරුමයෙන් ණයට සහල් ගෙනෙයි…

Next Post

තැපැල් ඉතිහාසය සඟවාගෙන ගාලු මුහුදේ ගිලී සියවස් ඉක්මවූ රාජකීය තැපැල් නැව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.