රුපියල් 100ට අඩු මිලකට කිලෝව ලබා දීමේ අභිලාෂයෙන් ඉන්දියාවෙන් සහ බුරුමයෙන් පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මුල් අදියරේ දී ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් පනස් දහසක සහල් ප්‍රමාණයක් දින දහයක් තුළ ගෙන්වීමට සැලසුම් කර ඇත.
අනතුරුව බුරුමයෙන් සහල් මෙට්‍රික් ටොන් පනස් දහසක් ගෙන්වීමට වෙළෙඳ අමාත්‍යාංශය සූදානම් වේ.
මෙසේ සහල් ගෙන්වනු ලබන්නේ දින 90ක සහන කාලයක් මුදල් ගෙවීම සඳහා ලබා ගෙනය.
අතිශය ධරුණු ඩොලර් අර්බුදයක කරවටක් ගිලී ඇති අවස්ථාවක ලැබෙන මෙම සහන කාලය ඉතා වැදගත් බවත් මෙම සහල් ගෙන්වීමේ පරමාර්ථය රුපියල් සියයට අඩු මිලකට සහල් කිලෝවක් ජනතාවට ලබා දීම බවත් වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එහෙත් දේශීය සහල් නිශ්පාදකයින් පවසන්නේ සහල් තොග ඇත්තේ විශාල මෝල් හිමියන් බවත් විශාල ඩොලර් කන්දරාවක් වියදම් කර ගෙනන මෙම සහල්