හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාර්කෝසි එල්ලවී තිබූ මැතිවරණ දූෂණ චෝදනාවලට වරදකරු බවට ප්‍රංශ අධිකරණයක් තීන්දු කර තිබේ.
2012 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට අනුමත අගය ඉක්මවා මුදල් වැයකිරීමට සාර්කෝසිට චෝදනා එල්ලවී තිබිණි.
ඒ අනුව සාර්කෝසිට වසරක සිර දඬුවමක් නියම වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් මෙම අධිකරණ තීන්දුවට එරෙහිව සාර්කෝසි අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
කෙසේවෙතත් සාර්කෝසි හට සිරගතව වීමක් වෙනුවට පාදයේ ඔහු සිටින ස්ථානය හදුනාගත හැකි පටියක් බැද නිවස තුල වසරක කාලයක් ගත කිරීමට නියෝග කිරීමද ඉඩ ඇති බවද වාර්තා වේ.
සාර්කෝසි විසින් තමා නිවැරදි බවත් ඔහුගේ මැතිවරණ කටයුතු වලට මුදල් කෙතරම් වැය කළද යන්න තමන් නිසි ලෙස නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත.
2007 සිට ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සාර්කෝසි 2012 ජනාධිපතිවරණයේදී සමාජවාදී පක්ෂයේ ෆ්‍රංශුවා ඔලන්ද් හමුවේ පරාජය විය.
ප්‍රංශ මැතිවරණ නීතිය අනුව ජනාධිපති අපේක්ෂකයකුට මැතිවරණ කටයුතු සඳහා උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ යූරෝ මිලියන 22.5 කි.







