විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශය ඔහු විසින් කරනු ලබන්නේ අධිකරණයට අපහාස කළ බවට තමන්ට එරෙහි චෝදනා පත්‍රය වසරේ සැප්තැම්බර් 25 වැනිදා අධිකරණය ඉදිරියේ ප්‍රතික්ෂේප කිරීමෙන් මාස 09කට පසුය.
නඩු වභාගය අවසන්වන තුරු හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ළ අධිකරණ නියෝගය කළ බැවින් ඒ මාස 09 පුරාම ඔහු හිටියේ බන්ධනාගාරයේය.
නඩුව ජනවාරි මස 22 දා ආරම්භ විය. මාස හය හමාරක් ගතවීමෙන් අනතුරුව කොන්දේසි විරහිතව වරද පිළිගත් හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය.







